ලොව වැඩිම අවධානයක් ගත් රුසියා ජනාධිපතිවරණය ඇරඹේ!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද උදෑසන ආරම්භ වූ බව වාර්තා වන අතර, ලොව වැඩිම අවධානයක් යොමුවන ජනාධිපතිවරණයක් ලෙස මෙම ජනාධිපතිවරණය සැලකේ.

මෙවර පැවැත්වෙන්නේ රුසියාවේ 8 වන ජනාධිපතිවරණයයි.

අද උදෑසන ආරම්භ වූ මැතිවරණය ලබන 17වනදා දක්වා දින 3ක කාලයක් පැවැත්වෙන අතර, මෙවර මැතිවරණයේදී ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබීමද විශේෂත්වයක් වේ.මැතිවරණයෙන් ජනාධිපති  ව්ලැඩිමීර් පුටීන් පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් 05 වන වරටත් එරට ජනාධිපති ධුරය සඳහා තේරීපත්වනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් මත පල කරයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 04 දෙනෙකු ඉදිරිපත්ව සිටියද ඔවුන් කිසිවෙකුගෙන් පුටීන් ජනාධිපතිවරයාට අභියෝගයක් නොමැති බවයි . මැතිවරණයෙන්  ජයග්‍රහණය ලැබීමට නම් භාවිත චන්ද සංඛ්‍යාවෙන් අඩකට වඩා ලබාගත යුතු වේ..කිසිවකු එසේ ලබා නොගන්නේ නම් සති 3කට පසුව දෙවනවර ඡන්දය ප්‍රකාශ කිරීම පැවැත්වෙන අතර, ඒ සඳහා නම්කර ඇත්තේ අප්‍රේල් 7 වනදායි.

ජයග්‍රාහකයා ජනපතිධූරයේ පදවි ප්‍රාප්ත කිරීමේ දිනය යොදා ඇත්තේ මැයි 7 වනදාට වන අතර, මෙවර ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එකොලොස් කෝටි හතලිස් දෙලක්ෂ දොලොස් දහස් හත්සිය තිස් හතරක් බව වාර්තා වේ.

පුටින් ජනාධිපතිවරයා මෙවර 75%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇති අපේක්ෂා කෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...