රූමත් තරුණියන් රවටා අපූරු නාඩගමක් නැටූ හොර දොස්තරට සිදුවූ දේ!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW):ෆේස්බුක් හි දැන්වීම් පළ කරමින් නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බව බොරු කියා තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වා ගෙන නිරුවත් ඡායාරූප ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට ගොදුරු වූ තරුණියන් 15 දෙනෙකු පමණ රහස් පොලිසියට කළ පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

සැකකරු කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

රූමත් තරුනියන් නිරූපණ කටයුතු සඳහා බඳවා ගන්නා බවට ඒත්තු ගන්වමින් මුහුණු පොතේ දැන්වීම් පළ කර ඇති සැකකරු ඔවුන්ගේ ඡායාරූප හා වීඩියෝ ගෙන්වා ගෙන තෝරාගත් එක් එක් තරුණියන් සම්මුඛ පරීක්ෂණ සඳහා වෛද්‍යවරයෙකුට යොමු කර ඇත.

වෛද්‍යවරයා ලෙසද පෙනී සිට ඇති සැකකරු තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඔවුන්ට තර්ජනය කර විවිධ අතවර කර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...