මුරුත්තෙට්ටුවේ හිමිගේ “ජන අරගලයේ දෝංකාරය” ජනපතිට පිළිගන්වයි

Date:

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මීට පෙරාතුව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ විසින් “නොනවතින අරගලයක සැබෑ කතාව, හෙළ වෙදකමේ යටගියාව, නයිටින්ගේල් චරිතය, ජීනිවා අර්බුදයේ දෝංකාරය, රන් හිය හා අඳුරෙන් එළියට” යන කෘති ද එළිදක්වා තිබේ.

පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් කෘතිය පිළිගැන්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...