ඇමති ප්‍රසන්නට සහ බිරිඳට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අවසන්

0
1378

කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු ඉඩමක් ගොඩකර, එහි අනවසර පදිංචිකරුවන් ඉවත්කරදීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් බලහත්කාරයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (14) අවසන් කර තිබේ.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂි විභාගය අවසන් බව පැමිණිල්ලේ සහ විත්තියේ නීතීඥවරුන් විසින් අධිකරණයට දැනුම් දුන් අතර නඩුවට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා මැයි මස 31 වනදාට පෙර ගොනු කරන ලෙසයි විනිසුරුවරයා ඔවුන්ට දැනුම් දී ඇත්තේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here