රුමේෂ් ට එක – අරුණට තුන

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 15, (LNW)කොළඹ

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති 2025 Sydney Track Classic – World Athletics Continental Tour Challenger මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කළ රුමේෂ් තරංගට හෙල්ල වීසි කිරීම තරගයෙන් පළමු තැනත්,මීටර් 400 තරගයට සහභාගි වූ අරුණ දර්ශනට තෙවන තැනත් හිමි වුණා.මේ තරගවලදී ක්‍රීඩකයින් දෙදෙනාම තමන්ගේ උපරිම දක්ෂතාවය ආසන්නයට හෝ පැමණීමට සමත් වුණේ නැහැ.
රුමේෂ් සිය තෙවන වීසි කිරීමේදී දක්වන ලද මීටර් 77.86 ඔහුගේ හොඳම දක්ෂතාවය ලෙස දැක වුණා.සෙසු ක්‍රීඩකයින්ට සාපේක්ෂව එම දක්ෂතාවය ඉදිරියෙන් තිබුණු බැවින් රුමේෂ් තරංගට එම තරගයේ පළමු ස්ථානය හිමි වුණා.සමහර විට තරග වඳින මොහොතේ ක්‍රීඩාංගණයේ තත්ත්වයද මෙවැනි ඉසව්වක වීසි කළ හැකි දුරට බලපාන බැවින් අදාළ මොහොත සජීවී ව නොවිඳ එම දක්ෂතාවය ගැන අදහස් පළ කිරීම නුසුදුසු අතර රුමේෂ්ට ඉසව්ව ජය ගැනීමට හැකි වීම ගැන සතුටු දායකයි.


එසේම මීටර් 400 ඉසව්ව සඳහා මේ වසරේ පෙනී සිටිය අරුණ දර්ශන ද සිය හොඳම පෞද්ගලික කාලය ආසන්නයට ඒමට අපොහොසත් වුණා.පැවති තත්ත්වය හමුවේ ඔහුට වාර්තා කරන්නට හැකි වූ තත්පර 46.12 සතුටුදායක නොවන්නේ ඔහුට වඩා අඩු දස්කම් සහිතව මේ තරගයට ඉදිරිපත් වූ දෙදෙනෙක්ම අරුණට ඉදිරියෙන් තරග නිම කෙරූ නිසයි.පළමු ස්ථානය දිනූ වික්ටෝරියා ප්‍රාන්තයේ තෝමස් රෙනෝල්ඩ්ස් තත්පර 45.75 ක දක්ෂතාවයක් දැක් වූ අතර අරුණට ඉදිරියෙන් සිටිය අයගෙන් වැඩි අවධානය යොමු කළ යුතුව ඇත්තේ තමන්ගේ හොඳම පෞද්ගලික කාලය වාර්තා කළ නවසීලන්තයේ ලෙක්ස් පෙවෙල් ලෙවිස් තත්පර 46.10 න් තරගය නිමා කර දෙවැන්නා වීම ගැනයි.
එහෙත් හෙල්ල ඉස්ව්වේ දී වාර්තා වී තිබෙන දුර සළකද්දී කිසිවෙකු තමන්ගේ හොඳම දුර වාර්තා කර නැති වීම මෙන්ම අරුණ වසරේ පළමු අවස්ථාවේ තරග වැදීම කියන කාරණා සැළකිල්ලට ගනිද්දී මේ දස්කම් පැහැදිළිව ඔවුන්ගේ අනාගත උපරිමය නොවන බව පැහැදිළියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...