යාසාරාට සහ මනෝහරන්ට රට හරහා දිවීමේ සූරතා – කණ්ඩායම් කාන්තා පිරිමි සූරතා දෙකම මධ්‍යම පළාතට

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 15, (LNW)කොළඹ

ජාතික ක්‍රීඩා උළෙලේ 49 වැන්නේ රට හරහා දිවීමේ තරග නුවරඑළියේදි පැවති අතර එහිදී කාන්තා සූරතාවය දිනා ගැනීමට නැගෙනහිර පළාතේ යසාරා විජේසූරිය සමත් වූවාය.කැළණිය විශ්ව විද්‍යාල සිසුවියක ලෙස සිටිමින්ම,සිය මලල ක්‍රීඩා ජීවිතයේ පැවත්ම උදෙසා යුද හමුදාව සමඟ එකතු වී සිටින යසාරා මෙන්ම පිළිවෙලින් දෙවන සහ තෙවන තැන දිනූ මධ්‍යම පළාතේ වත්සලා මධුශානි හේරත් සහ චාමිනි සමුද්ධිකා හේරත් ද යුද හමුදා සාමාජිකාවෝය.


පිරිමි තරගය ජය ගැනීමට සමත් වුණේ එම් සිවරාසන් වන අතර ඔහු මධ්‍යම පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකු වූවා.ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් බස්නාහිර පළාතට තරඟ වැදුණු ආර්එම්එස් පුෂ්පකුමාර ඉතිහාසයේ සෑහෙන වතාවක් ජාතික ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ සූරතාවය දිනා ගත් ක්‍රීඩකයා වුව ද,මෙවර ඔහුට දෙවන ස්ථානයෙන් සීමා වන්නට සිඳු වුණා.තෙවන තැන හිමි වුණේ ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතු ආර්ඒඩීඑච් කුමාරටයි.ඔහු බස්නාහිර පළාත නියෝනය කරන ක්‍රීඩකයෙකු වෙනවා.


මෙම උළෙල සංවිධානය කරන්නට එක්වන බොහෝ දෙනෙකුට වඩා මෙම තරගාවලිය ගැන අත්දැකීම් ඇති නිලධාරීන් නෙස්ටමෝල්ට් ආයතනය වෙනුවෙන් මේ තරගාවලියේ අනුග්‍රාහකත්වය සමඟ එක්ව සිටිනු දකින්නට ලැබුණා.බොහෝ වගකිව යුතු පිරිස් ක්‍රීඩාව සම්බන්ධයෙන් හැසිරෙන ආකාරයට ඔවුන් ව්‍යාපාරික ආයතනයක් වුව ද,ලංකාවේ මාර්ග ධාවන තරගවලදී පාපැදි තරගවලදී මෙන්ම ඇවිදීමේ තරගවලදී ද දෙන අනුග්‍රහ සහයද සමඟ මේ කේෂ්ත්‍රයන්හී හැසිරීම ගැන ද විශාල අවබෝධයක් තියෙන බව සහතික කළ කිව හැකියි.
තරගවෙලියේ දක්ෂතා සැළකිල්ලට ගෙන දක්ෂතාම පළාත නම් කිරීමේදී පිරිමි සහ කාන්තා රට හරහා දිවීමේ සූරතා දෙකම මධ්‍යම පළාත දිනා ගනු ලැබුවා.

කාන්තා 10 Km

  1. මෙත්මි රසාරා විජේසූරිය – ( නැගෙනහිර පළාත/අම්පාර දිස්ත්‍රික්කය) 38:40:93 උපාධි අපේක්ෂිකා, කැළණිය විශ්ව විද්‍යාලය
  2. චාමිනී හේරත් ( මධ්‍යම පළාත/ නුවර දිස්ත්‍රික්කය) ශ්‍රී ලංකා යුධ හමුදා (Sri Lanka Army)
  3. වත්සලා හේරත් ( මධ්‍යම පළාත / නුවර දිස්ත්‍රික්කය) ශ්‍රී ලංකා යුධ හමුදා (Sri Lanka Army)

පිරිමි 10km

  1. M.සිවරාජන් (මධ්‍යම පළාත / නුවරඑළිය දිස්ත්‍රික්කය) 34:20.31 (Sri Lanka Air Force)
  2. R. M. S. පුෂ්පකුමාර (බස්නාහිර පළාත / ගම්පහ දිස්ත්‍රික්කය) ශ්‍රී ලංකා යුධ හමුදා (Sri Lanka Army)
  3. R. A. D. H. කුමාර ( බස්නාහිර පළාත / ගම්පහ දිස්ත්‍රික්කය) ශ්‍රී ලංකා පොලීසිය (Sri Lanka Police)

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...