අද දිනයේ ඩොලරයේ මිල තවදුරටත් ඉහළට !

Date:

අද (15) දිනයේදී වාණිජ බැංකුවලින් නිකුත් කර ඇති විනිමය අනුපාත සටහන් අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති ආකාරයක් පෙන්නුම් කෙරේ.

ඊයේ (14) දිනයේදී ලංකා බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 320ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 340ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 326 ක් සහ රු. 344 ක් දක්වා වැඩිවී ඇත.

ඊයේ දිනයේදී සම්පත් බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 320ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 335ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 330 ක් සහ රු. 345 ක් දක්වා වැඩිවී ඇත.

ඊයේ දිනයේදී මහජන බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.41ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 339.17ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 325.26 ක් සහ රු. 344.31ක් වශයෙන් වැඩිවී ඇත.

ඊයේ දිනයේදී හැටන් නැෂනල් බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 320ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 335ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 327 ක් සහ රු. 342 ක් දක්වා වැඩිවී ඇත.

ඊයේ දිනයේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.85ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 340.85ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 322.80 ක් සහ රු. 344.86 ක් දක්වා වැඩිවී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...