සංක්‍ර­ම­ණි­ක­යන් 60කට ජීවිත අහිමි කළ බෝට්ටු අනතුර!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබි­යානු සංක්‍ර­ම­ණි­ක­යන් 85 දෙනකුගෙන් යුත් ඩිංගි යාත්‍රා­වක් මධ්‍ය­ධ­රණී මුහු­දේදි අන­තු­රට ලක් වීමෙන් ,එහි සිටි සංක්‍ර­ම­ණි­ක­යන් 60 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වැඩි­දු­ර­ටත් වාර්තා වන්නේ, ලිබි­යානු වෙරළ තීරයේ සිට යාත්‍රා කළ බව කියන එම ඩිංගි යාත්‍රාවේ සිටි සෙසු පුද්ග­ල­යන් 25 දෙනා මුහුදු අන­තුරු වළක්වා ගැනීමේ ‘ඕෂන් වයිකිං‘ නමැති නෞකා­වක ආපදා මෙහෙ­යුම් කණ්ඩා­ය­මක් විසින් බේරා ගනු ලැබූ බවත්ය.

ඩිංගි යාත්‍රාවේ එංජිම ක්‍රියා විර­හිත වීම හේතු­වෙන් දින තුනක කාල­යක් ආහාර සහ ජලය නොමැ­තිව මධ්‍ය­ධ­රණී මුහුදේ පාවෙ­මින් සිටි බව දිවි බේරා­ගත් පුද්ග­ල­යන් ප්‍රකාශ කර තිබේ.

මිය ගිය අය අතර කාන්තා­වන් සහ කුඩා දරු­වන් සිටින බව දිවි බේරා­ගත් පුද්ග­ල­යන් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ආපදා සේවා කණ්ඩා­යම විසින් බේරා ගනු ලැබූ පුද්ග­ල­යන්ගේ සෞඛ්‍ය තත්ත්වය අය­හ­පත් බවත්, ඔවුන් සිය­ලු­දෙ­නාම වෛද්‍ය ප්‍රති­කාර ලබ­මින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

සිහි­සුන්ව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දෙදෙ­නකු වැඩි­දුර ප්‍රති­කාර සඳහා සිසි­ලියා දූපත වෙත රැගෙන ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...