සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 16, කොළඹ (LNW): කොළඹ කොටුවෙන් පොලිස් මූලස්ථානය ඉවත් කර ගුවන් හමුදා මූලස්ථානය පැවති කොම්පඤ්ඤවීදියේ ගොඩනැඟිල්ලට රැගෙන යෑමට නියමිතය. අක්කර 3ක භූමි ප්‍රමාණයක් පුරා විහිදුණු හා තට්ටු 12ක ගොඩනැඟිල්ලකින් සමන්විත ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රය පොලිසියට ඊයේ (15) නිල වශයෙන් භාර දෙනු ලැබුවේ, ඊට අදාළ ලේඛන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන් අතර ඊයේ දින හුවමාරු කරගැනීමකින් පසුවයි.
ඊට අදාළ ලේඛන ගුවන් හමුදාවේ පරිපාලන අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිෂ් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොල සහ පොලිස් මූලස්ථාන පරිපාල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැළුම් තිලකරත්න මහත්වරුන් විසින් එම හුවමාරුවට පෙර අත්සන් තබනු ලැබූ බව සඳහන් වේ.
මේ අවස්ථාවට ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහත්වරුද සහභාගි වූ බව වාර්තා වේ.
මේ අවස්ථාව සලකුණු කරමින් පොලිස්පති හා ගුවන් හමුදාපති අතර සමරු තිළිණ හුවමරුවක් සිදු වූ බවත් සියලු දෙනාම සමූහ ඡායාරූපයකටද පෙනී සිටිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.
පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල කොම්පඤ්ඤවීදියේ ගොඩනැගිල්ලට රැගෙන යෑමෙන් අනතුරුව පොලිස් මූලස්ථානය පිහිටි මාර්ගය වාහන ගමනාගමනයට විවෘත කිරීමටද නියමිත බවද තොරතුරු වාර්තා වේ,

