අපි ආවේ මේ දුර්දාන්ත ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්නයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

දැන් අවුරුදු දෙකක් රටේ ජනතාව දුක් විඳින බවත් ජනතාවට තවත් මේ දුක උහුලන්නට දෙන්නට බැරි බවත් ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුව නිසා වහාම මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි . තමන් මෙම දැවැන්ත විරෝධතාව ආරම්භ කළේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට බව ද ඒ මහතා කීය.

දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් “රට විනාසයි දැන් ඇති”මැයෙන් ඊයේ (15) දිනයේදී සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

“දුර්දාන්ත ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන අපි ආරම්භ කරල තියෙනවා. වැඩ කරනවායි කියපු විරුවා අද වැඩි කරන විරුවා බවට පත්වෙලා. ජනතාව එදා කිව්වේ අතිගරු ජනාධිපතිතුමා කියලා. දැන් ජනතාව කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියලා.

ජනතාව මේ තරම් අසරණ තත්ත්වයට පත් කරලා තියෙන්නේ දුර්දාන්ත දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව කියලා අපි මතක් කරන්න කැමතියි.

දැන් අවුරුදු දෙකක් රටේ ජනතාව දුක් විඳිනවා. ජනතාවට තවත් මේ දුක උහුලන්න දෙන්න බැහැ. ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපි මේ ස්ථානයට ආවේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.

අපි ආවෙ රට කාබාසිනියා කරපු ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්න. උද්ධච්ච ජන හද ගැස්ම නොතේරෙන මේ ආණ්ඩුව ජනතා දුක අහන්න සූදානම් නැහැ. ජනතා දුක අහන්න සූදානම් නැති මේ ආණ්ඩුව ගෙදර යවන්න ඔබ සූදානම් ද කියලා අපි ජනතාවගෙන් අහනවා.

මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුව පලවා හරින ගමන අපි අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව ජන බලයෙන් ජන සවියෙන් ගෙදර යවන ගමන අපි ආරම්භ කරනවා”

යැයිද විපක්ෂනායකවරයා එහිදී කීවේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා රජය සූර්ය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කරන්න හදනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණ වත්මන් රජය පුනර්ජනනීය...

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...