අර්බුදයක් ජය ගන්නේ කෙසේද ? – මහේෂ් හපුගොඩ

Date:

අර්බුදයක් ඇති බව පිළිගන්න. මෙය අර්බුදය ජයග්‍රහණය වෙනුවෙන් තබන ප්‍රථම පියවරයි. අර්බුදයක් තිබෙන අවස්ථාවක එය නොපිළිගෙන සිටීමෙන් සිදු වන්නේ එම අර්බුදය ඔඩු දිවිමයි. පාලනයෙන් ගිලිහීමයි.

මින් පෙර මෙවන් අර්බුද විසඳීම වෙනුවෙන් මිනිස් සමාජ තබා ඇති පියවර කුමක්දැයි පරීක්ෂා කරන්න. එවිට මින් පෙර සමාජ කරන ලද වැරදි තේරුම් ගෙන එම වැරදි නැවත සිදුවීමේ හැකියාව අඩුකර ගත හැක. ඉන් කාලය කළමණා කරගත හැක.

අනෙක් අයගේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීම වැදගත්. ඔවුන්ට සිදුවූ වැරදි දෙස බලා එම වැරදි නොකර සිටීමට පුළුවන. ඔවුන් ධෛර්ය උපදවා ගත් ආකාරය ඉගෙනීම වැදගත්. මන්ද අපට අර්බුදයෙන් ගොඩ ඒමට ධෛර්යය ඉතාම වැදගත්.

කාලය ලබාගන්න. එහෙත් එම කාලය ඔබ ලබා ගත යුත්තේ මින් පෙර නොවූ විරූ අයුරකින් සිතීම වෙනුවෙන්. පෙර සමාජ සිතූ තැනින් ඔබ්බට සිතීම වැදගත්.

උදව් ඉල්ලීමට මැලි නොවන්න. තමන් වැටි සිටින ඇත්ත තත්වය දැන ගන්නා අනෙක් මිනිසුන් අප නොසිතූ විරූ ලෙස උදව් කිරීමට පෙළඹෙනු ඇත. ද්‍රව්‍යමය වශයෙන් නොවුනත් ඔවුන් අදහස් වලින් උදව් පදව් කරනු ඇත.

සාකච්චා කරන්න. ගණුදෙණු කරන්න. අන්තගාමී නොවී අනෙකාට සවන් දෙන්න. අර්බුදයක් තනිවම ජයග්‍රහණය කළ හැක්කේ කලාතුරකින් නිසා සැමගේම උදව් අවශ්‍ය බව තරයේ සිතට ගන්න. සියළු බලවේග එකතුකර ගැනීම දැවැන්ත නායකත්ව ලක්ෂණයකි.

‘තමන්ගේ ගෙය ගිණි ගනිද්දී ගෙය ගිණි තැබූ එකා සෙවීම පසෙක තබා තමන්ගේ ගෙදර ගින්න නිවා ගැනීමට කටයුතු කරන්න’ යන බුද්ධ වචනය සිහියට ගන්න. හැමවිමටම හානිය අවම කර ගැනීමට කටයුතු කරන්න.

අනවශ්‍ය දේ වහාම අත් හරින්න. අර්බුදය ජය ගැනීමට අවශ්‍යම දේ ලංකර ගන්න. දුර ගමන් කිරීමට නම් ඔලොගුව සැහැල්ලු විය යුතුය.

සිදුවිය හැකි නරකම දේ ගැන මෙනෙහි කරන්න. ඒ වෙනුවෙන් සුදානම් වෙන්න. ඒ නරකම දේට මෙහායින් සිදුවන හැම දෙයක් ම ඔබට සැහැල්ලුවක් වනු ඇත.

හැම අර්බුදයක් විසින් ම ඔබ පරික්ෂාවට ලක් කරයි. ඒ පරික්ෂාවට බඳුන් වන්න. එවිට අතීතයේ බොහෝ දෙයින් නිදහස් වී අලුත් දේ වෙතට ඔබ ඇදී යනු ඇත. ඒ නිසා විවෘත මනසකින් සිටින්න. ඕනෑම දෙයක් සිදුවිය හැක !

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...