විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන්ව තිබෙනවා. විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
විදුලිබල මණ්ඩලය දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බැවින් විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලිබල මණ්ඩල නිළධාරීන් ඇමතිවරියට යෝජනා කර තිබිණි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී තීරණය කර තිබෙන්නේ විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය කැබිනට් මණ්ඩලය හරහා ගතයුතු බවයි.
ඒ අනුව මිල ඉහළ දැමීමේ යෝජනාව ලබන සඳුදා පැවැත්වෙන මීලඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගාස්තු ඉහළ දමන්නේද නැද්ද යන්න එහිදී තීරණය කරනු ඇත.
UN