යුරෝපා කවුන්සිලයෙන් රුසියාව දොට්ට දමයි – සාමාජිකයන් 219 න් 216 ක්ම එකඟ වෙයි

Date:

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා. යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවට, රුසියාව නෙරපා හැරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර බහුතර ඡන්දයෙන් අදාල යෝජනාව සම්මත වී තිබේ.

රුසියාව නෙරපා හැරීම සඳහා වූ යෝජනාවට සාමාජිකයන් 219 දෙනාගෙන් 216 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර සාමාජිකයන් තිදෙනෙකු පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබෙනවා.

යුක්රේනයට එරෙහිව රුසියාව ගත් යුදමය ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් විය.

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා පවසා තිබෙන්නේ මෙම තීරණය 2014 වසරේදී ගතයුතුව තිබූ තීරණයක් බවයි. කෙසේ නමුත් දැන් හෝ එම තීරණය ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

1949 වසරේදී යුරෝපා කවුන්සිලය පිහිටුවීමෙන් පසුව එහි සාමාජික රටක් ඉවත් කළ දෙවැනි අවස්ථාව වන අතර මීට පෙර 1969 වසරේදී ග්‍රීසිය තාවකාලිකව යුරෝපා කවුන්සිලයෙන් ඉවත් කිරීමට තීරණය කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...