ජපාන රජය විසින් මිලියන 1.8කට අධික මුදල් ආධාරයක්

Date:

ශ්‍රී ලංකාවේ වඩාත් දුෂ්කරතා වලට ලක්වන දරුවන් වෙනුවෙන් ලබා දීම සඳහා ජපාන රජය විසින්, යුනිසෙෆ් සංවිධානය වෙත ඩොලර් මිලියන 1.8කට අධික මුදල් ආධාරයක් ලබා දී ඇත.

මෙමගින් ලක්ෂ 6කට ආසන්න දරුවන් සඳහා පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට යොදා ගනු ඇත.

යුනිසෙෆ් සංවිධානය පවසන්නේ, මේ වනවිට ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරටට මානුෂීය සහන සැපයීමට ජපාන රජය මෙසේ තීරණය කර ඇති බව ය.

පසුගිය වර්ෂයේ‍ ආර්ථික අර්බුදයේ ආරම්භයේ පටන් ජපාන රජය යුනිසෙෆ් හරහා ලබා දුන් මුළු ආධාර ප්‍රමාණය මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 3.8 ඉක්මවා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...