කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ පාඨමාලා මුදලට විකිණීමේ සූදානමක් ගැන අන්තරේ වසන්ත හෙලිකරයි!

Date:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරමින් පවසන්නේ , මෙතෙක් නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යන කටයුතු සිදු කිරීමේ හැකියාව තිබූ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ පාඨමාලා මුදලට විකිණීමේ සූදානමක් ඇති බවයි.

මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඒ පිළිබඳ අදහස් දැක්වීය .

කලින් තිබුණ ගැසට් එක වෙනස් කරලා නවක ශිෂ්‍ය කණ්ඩායමට අදාළව ගපු ගැසට් එකේ මෙන්න මේ විදියට වෙනස් කරලා තියෙනවා. මේකෙ කියන්නේ අවම ගෙවීමකට යටත්වන ලෙස සිසුන් බඳවා ගනු ලැබේ. දැන් මේ ශිෂ්‍යයෝ ගන්න හදන්නෙ කඩේකට ද? බෝල්ඩ් කරලා දාලා තියෙනවා. එකපාර දෙලක්ෂ විසිපන්දාහ ගෙවනවා නම්, ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා.. දැන් මේ අපි පොලේ බඩු ගන්න ගිහින් වගේ.

මේ කරන්න යන්නේ නිදහස් අධ්‍යාපන අයිතියටත් කෙළවන එක, ”ආණ්ඩුව IMF ඉල්ලීම් ඉටු කරන්න, IMF සතුටු කරලා ඩොලර් බිලියන 2.9 ගන්න දැන් මොකද කරන්නෙ, මුළු රටටම පීඩනයට ලක්කරලා. IMF ඉල්ලීම්වලට අධ්‍යාපනය විකුණන්න දෙන්න බෑ, අල්පෙනේත්තෙ ඉදන් ඩෝසරෙට යනකල් පිටරටින් ගෙනල්ලා කෑමට ගන්න පිටරටින් ගෙනල්ලා, ඔක්කොම පිටරටින් ගෙනල්ලා අධ්‍යාපනයට විතරක් කියනවා.. අම්මො මෙන්න ගොඩක් පිටරට යනවා.. ඒක නිසා පුද්ගලික විශ්වවිවද්‍යාල හදන්න ඕන වගේම පාසල් , විශ්වවිද්‍යාල ඇතුළු නිදහස් අධ්‍යාපනයේ අඩුපාඩුකම් නොබලා රජය සායනික පුහුණුව පිළිබඳ උනන්දුවක් දැක්වීම බරපතළ තත්ත්වයක්”

ලෙස පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...