අඩු ආදායම්ලාභී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ 2020 ජනවාරි මිලට ලබා දෙන ලෙස නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ඉල්ලයි

Date:

පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ අඩු ආදායම්ලාභී පවුල් වලට අත්‍යාවශ්‍ය භාණ්ඩ 2020 ජනවාරි මස ප්‍රකාශයට පත්කරන ලද මිලගණන් වලට ලබා දෙන ලෙස නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

රට තුළ මතුව ඇති ඉතාම අවිනිශ්චිත තත්ත්වයන් හමුවේ, විදේශ විනිමය අර්බුදය මේ වසර අවසන් වන තෙක් තාවකාලිකව සමනය කර ගැනීමට සහ දීර්ඝ කාලීන වශයෙන් ඊට යෝජනා කෙරෙන ස්ථාවර විසඳුම් සවිස්තරාත්මකව රට හමුවේ නොපමාව තබන ලෙසත්, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින වැටුප් වැඩිවීම් වලට අමතරව, ආහාර සුරක්ෂාව හා ජනතාවගේ දෛනික අවශ්‍යතා සහතික කිරීම ආණ්ඩුව සතු මූලික වගකීමක් ලෙස ඒ වෙනුවෙන් පවුලේ මාසික ආදායම රු. 75,000 ට වැඩි නොවන සියලු ගෘහයන්ට 2020 ජනවාරියේ ප්‍රකාශයට පත්කරන ලද මිලගණන් වලට ඉන්ධන, භූමිතෙල්, එල්පී ගෑස්, පාන්, තිරිඟු පිටි, සහල්, සීනි සහ පරිප්පු ප්‍රමාණවත් අයුරින් දෙසතියක් ඇතුළත සළාක ක්‍රමයකට අවම අවුරුද්දක කාලයකට ලබා දෙන ලෙසත්, ධීවර කාර්මිකයන්ට ධීවර බෝට්ටු සදහා අවශ්‍ය ඉන්ධන ධීවර සමූපකාර සමිති හරහා සහන මිලට ලබා දෙන ලෙසත් එම සංගමය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...

ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද...

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...