දේශබන්දු තෙන්නකෝන්ගේ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ !

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනුකර තිබුණු පෙත්සමක් අද (මාර්තු 17) අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ.

ඒ අනුව, අදාළ පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්ෂේප කර ඇති අතර රුපියල් 150,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ද දේශබන්දු තෙන්නකෝන් මහතාට අභියාචනාධිකරණය නියම කර ඇත.

වැලිගම ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා‍ දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය මුදල් අවභාවිතය: රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ජනාධිපති...

නීතීඥවරියකගේ නිවසේ සේප්පුව උස්සලා. සැකකරු දින පහකින් අහුවෙයි !

වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ පිහිටි නීතීඥවරියකගේ නිවසක තිබූ රුපියල් කෝටි...

ටිල්වින් සිල්වා සහ BJP නියෝජිතයින් අතර සාකච්ජා!

කොළඹ LNW:මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ...

ඇහුන් නෑ, මතක නෑ, දන්නෑ වීරත්වය : ගෝඨාගෙන් ඉගෙන ගන්න

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වුණු ලලිත් කුමාර් වීරරාජු...