දේශබන්දු තෙන්නකෝන්ගේ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනුකර තිබුණු පෙත්සමක් අද (මාර්තු 17) අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ.

ඒ අනුව, අදාළ පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්ෂේප කර ඇති අතර රුපියල් 150,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ද දේශබන්දු තෙන්නකෝන් මහතාට අභියාචනාධිකරණය නියම කර ඇත.

වැලිගම ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා‍ දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...

දුම්රිය සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කොළඹ LNW: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ...

East India Holdings උතුරේ ආර්ථිකය නගාසිටුවීමට අතහිත දෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : කලාපීය සංවර්ධනය සඳහා...