කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් අපි ඇති කරනවා – ටිල්වින්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ (LNW):

අද (17) දින පෙරවරුවේ සිට, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින කණ්ඩායම් නාමයෝජන පත්‍ර සඳහා අත්සන් තැබීම බත්තරමුල්ල පැලවත්තේ පිහිට එම පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කරනු ලැබූ බව පැවසේ. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ , කොළඹ මහ නගර සභා කණ්ඩායම් නායක සහ කඩුවෙල මහ නගර සභා කණ්ඩායම් නායකයින් එක්වූ බව සඳහන් වේ.

නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්‍රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව එක්ක එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘතියක් අපි ඇති කරනවා – ජ.වි‌.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මෙවර පළාත් පාලන මැතිවරණයේ තීරණාත්මක වෙනසක් වෙනුවෙන් ජනතාව මාලිමාව වටා පෙළගැසෙන බව විශ්වාසයි – ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ

අපට ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් ඉන්න බව පාර්ලිමේන්තු මැතිවරණයේදිත් පෙන්නුවා. ඒක පළාත් පාලන මැතිවරණයේදිත් අපි පෙන්වනවා. කොළඹ මහ නගර සභාව ඇතුළුව රටේම පළාත් පාලන ආයතන අපි ජයග්‍රහණය කරනවා කොළඹ මහ නගර සභා කණ්ඩායම් නායිකා, ව්‍රායි කැලී බල්තසාර්

කඩුවෙල මහ නගර සභාවෙන් මෙතෙක් ජනතාව ගෙවන බදු මුදලට සාධාරණයක් ඉටු වුණේ නෑ. අපි සූදානම් වරදානයක් වරප්‍රසාදයක් ලෙස නෙවෙයි මේක වගකීමක් ලෙස බාරගෙන කඩුවෙල පුරවරය සංවරධනය කරන්න. – කඩුවෙල මහ නගර සභා කණ්ඩායම් නායක රංජන් ජයලාල්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...