රෙජීමයක් පරාජය කරගන්න ට්‍රම්ප් දරන වැය බර – මෙහෙමත් ලෝකයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉරානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගෙවුණු දින 15ක් වෙනුවෙන් ඇමරිකාව ඩොලර් බිලියන 12 ක් වය කර ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහළ ආර්ථික උපදේශකවරයෙකු වන කෙවින් හැසට් පවසා තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට යුද්ධයේ ගෙවුණු දින 15ක් වෙනුවෙන් එම වැය බර ඇමරිකාව විසින් දරා තිබේ.

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය එකාබද්ධව ප්‍රහාර එල්ල කරමින් පසුවෙයි.

කෙසේවෙතත් ඔවුන් බලාපොරොත්තු වූ ඉරාන පාලන වෙනස සිදු නොවුණු අතර මේ වන විට මැද පෙරදිග යුද්ධයේ තීරණාත්මක සාධකය බවට ඉරානය පත්ව සිටින අතර යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ඇමරිකාවට කොන්දේසි පනවන තැනට පත්ව තිබේ.

මේ වන විට මෙම යුද්ධය ඉතා සංකීර්ණ තැනකට පත්ව ඇත. බුබායි ගුවන් කලාපයද තාවකාලිකව වසා දැමීමට සිදුව තිබේ.

යුද්ධය ආරම්භ වූ දා සිට ඊයේ දිනය දක්වා යුද්ධය හේතුවෙන් ඉරාන වැසියන් 1,444 දෙනෙකු සහ ඇමරිකානු සොල්දාදුවන් 13 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.