ඉදිරි සතිවලදි දැඩි නිරීක්ෂණයක් කරනවා – අධිකරණ අමාත්‍ය

Date:

අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පැවසූවේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇති බවත් , පොලීසිය මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු පැවරීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටය සම්බන්ධයෙන් ජනතාව චෝදනා එල්ල කිරීම ඊට හේතුව බවත්ය.

ඒ පිළිබඳ අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා දැක්වූ අදහස් ,

“ඉඳලා හිටලා එක සාම්පලයක් වැරදි වෙන්න පුළුවන්. සමහර පොලීසිවලින් සාම්පල 20 – 30 වැරදියට එවනවා. කුඩු නොවන දේවල් විෂ මත්ද්‍රව්‍ය කියලා එවලා තියෙනවා. මේ නීතිය අවභාවිතා වෙනවා. නීතියේ යම් ප්‍රතිසංස්කරණ විය යුතුයි. පැනඩෝල් කුඩු යොදලා සැකකරුවෙකු ඉදිරිපත් කලත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවෙකු ලෙස රිමාන්ඩ් වෙනවා. මාස ගාණකින් රස පරීක්ෂක වාර්තා එනකොට ඒවායේ විෂ මත්ද්‍රව්‍ය අඩංගු නැහැ. පළිගැනීමට බොරු චෝදනා දානවා කියලා ජනතාව කියනවා. එහි යම් සත්‍යයක් තියෙනවා. ඉදිරි සතිවලදි දැඩි නිරීක්ෂණයක් කරනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...