ඇමති ටිරාන්ගේ අභියෝගයෙන් පසු මානව හිමිකම් කොමිසම කතාව වෙනස් කරයි

Date:

සරසවි සිසු උද්ඝෝෂණ කිහිපයක් පාලනය කිරීම සඳහා පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කරන ලද කැඳවීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදු නොකරන ලද එකක් බැවින් එම කොමිසම හමුවේ පෙනී නොසිටීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගත් තීරණයෙන් පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කතාව තරමක් වෙනස් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පරීක්ෂණයක් සඳහා මාර්තු 13 වනදා අමාත්‍යවරයාව කොමිසම හමුවට කැඳවන බවට මාර්තු 09 වනදා සිංහල භාෂාවෙන් නිවේදනයක් නිකුත් කළ මානව හිමිකම් කොමිසම මාර්තු 14 වනදා ඉංග්‍රීසි භාෂාවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එය කැඳවීමක් නොව කරුණු පැහැදිලි කිරීමක් සපයන ලෙස කරන ලද හුදු ඉල්ලීමක් බවකි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනියගේ අත්සනින් යුතුව ඉංග්‍රීසි බසින් නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පදිංචි ඕනෑම අයකු සාක්ෂි දීම සහ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කැඳවීමේ ‘පූර්ණ බලය සහ අධිකාරිය’ කොමිසම සතුව ඇතත්, අමාත්‍යවරයා කොමිසමට කැඳවූ බවට පළවන වාර්තා සාවද්‍ය බවයි.

“මේ අදියරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය ලේකම්වරයා මගින් සිදුකර ඇත්තේ තමන්ගේ විෂය පථය යටතට ශ්‍රී ලංකා පොලිසිය වැටෙන අමාත්‍යවරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණ ඇතැම් පැහැදිලි කිරීම් සපයන ලෙස හුදෙක් ඉල්ලා සිටීමයි” යනුවෙනුත් “මෙම නිවේදනය නිකුත් කරනු ලබන්නේ ජනමාධ්‍ය තුළ පළ වන සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහාය” යනුවෙනුත් එහි සඳහන්.

ඒ අනුව, අමාත්‍ය ටිරාන් අලස් මහතා මානව හිමිකම් කොමිසමේ අදාළ තීරණයට පැහැදිලි හේතු මත අභියෝග කිරීමෙන් අනතුරුව එම කොමිසම “කැඳවීම” හුදෙක් “ඉල්ලීමක්” බවට පත්කර ඇති බව පෙනේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...