සංවිධානාත්මක අපරාධකරුවෙකුට ජාත්‍යන්තර පොලීසියෙන් විවෘත වරෙන්තුවක්

Date:

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තාව ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර විවෘත වරෙන්තුවක් ලබාගෙන ඇති බවයි .බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් අවිස්සාවේල්ල අධිකරණයෙන් එම අවසරය ලබාගෙන ඇති අතර , ඩුබායි රටේ සැඟවී සිට හංවැල්ල සහ ඊට ආසන්න ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන කිහිපයක් මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙස හා එම ප්‍රදේශවල පුද්ගලයන් කිහිපදෙනෙකුව තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයා බවටත් මෙම සැකකරුව හඳුනාගෙන තිබේ.හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය ඩුබායි හි සිට මෙහෙය වූ ප්‍රධාන සැලසුම්කරු ලෙසද ඔහුව හඳුනාගෙන ඇති අතර , ඊට අමතරව හංවැල්ල හා ඊට තදාසන්න ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමේ ජාවාරම ද සැකකරු ගෝලබාලයන් ලවා මෙහෙයවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව තොරතුරු හෙලිවේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...