නිශාන් මධුශ්කගේ පිවිසුම කඩුල්ල පිටුපසට

Date:

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවේ පරාජයට හේතු වූ කරුණක් හැටියට නිරෝෂන් දික්වැල්ලගේ නොසැළකිල්ල පිළිබඳව බොහෝ දෙනා කතා බහ කළ අතර ඒ නිසා මේ දක්වා ඔහු පිළිබඳ තැබූ විශ්වාසය පසෙකලා දෙවන ටෙස්ට් තරගය සඳහා කඩුල්ල පිටුපස වගකීම භාර දෙමින් නිශාන් මධුශ්කට ටෙස්ට් වරම් ලබා දීමට කටයුතු කර ඇත.

නිශාන් මධුශ්ක දේශිය මුල් පෙලේ තරගවලදී මෙන්ම එංගලන්ත ලයන් කණ්ඩායමට එරෙහිව ද මෑථ ඉතිහාසය තුළ දීර්ඝ ඉණිම් ගණනාවක් ක්‍රියාත්මක කළ අතර ඔහු ත්‍රිත්ව ශතක ලාභියෙකි.ගෙවුණු එංගලන්ත ලයනස් කණ්ඩායම සමඟ වූ තරගයේ දී නිශාන් ශතක තුනක් වාර්තා කළ අතර එහිදි ඔහු ක්‍රිඩා කළ හොඳම ඉණිමේදී ලකුණු 241 ක් රැස් කරන්නට සමත් විය.

පළමු පෙළ තරග 38 දී ශතක 11 ක් සහ අර්ධ ශතක 14 ක් සමඟ ලකුණු 61.61 ක සාමාන්‍යයක් සමඟින් මුළු ලකුණු 3389 ක් ලබා සිටින නිශාන් මධුශ්ක,මෑත කාලයේ විශාලම අවධානය දිනා ගත් පිතිකරුවා ය.මොරටු විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දායාද වූ මේ පිතිකරුවා වර්ථමානයේ රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර මොරටු විද්‍යාලය සහ මොරටුවේ වෙනත් විද්‍යාලවලට පළමු පෙළ ක්‍රිකට් සඳහා පිවිසුමට අවස්ථාව සකසා දුන් මොරටුව ක්‍රීඩා සමාජය අක්‍රීය කරවීමට නීතිමය කරුණු පදනම් කරමින් මොරටුවේ පළමු පුරවැසියා වන මොරටු නගරාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා සමාජය එම ක්‍රීඩා සමාජයට අහිමි කරමින්ය.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...