නිශාන් මධුශ්කගේ පිවිසුම කඩුල්ල පිටුපසට

Date:

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවේ පරාජයට හේතු වූ කරුණක් හැටියට නිරෝෂන් දික්වැල්ලගේ නොසැළකිල්ල පිළිබඳව බොහෝ දෙනා කතා බහ කළ අතර ඒ නිසා මේ දක්වා ඔහු පිළිබඳ තැබූ විශ්වාසය පසෙකලා දෙවන ටෙස්ට් තරගය සඳහා කඩුල්ල පිටුපස වගකීම භාර දෙමින් නිශාන් මධුශ්කට ටෙස්ට් වරම් ලබා දීමට කටයුතු කර ඇත.

නිශාන් මධුශ්ක දේශිය මුල් පෙලේ තරගවලදී මෙන්ම එංගලන්ත ලයන් කණ්ඩායමට එරෙහිව ද මෑථ ඉතිහාසය තුළ දීර්ඝ ඉණිම් ගණනාවක් ක්‍රියාත්මක කළ අතර ඔහු ත්‍රිත්ව ශතක ලාභියෙකි.ගෙවුණු එංගලන්ත ලයනස් කණ්ඩායම සමඟ වූ තරගයේ දී නිශාන් ශතක තුනක් වාර්තා කළ අතර එහිදි ඔහු ක්‍රිඩා කළ හොඳම ඉණිමේදී ලකුණු 241 ක් රැස් කරන්නට සමත් විය.

පළමු පෙළ තරග 38 දී ශතක 11 ක් සහ අර්ධ ශතක 14 ක් සමඟ ලකුණු 61.61 ක සාමාන්‍යයක් සමඟින් මුළු ලකුණු 3389 ක් ලබා සිටින නිශාන් මධුශ්ක,මෑත කාලයේ විශාලම අවධානය දිනා ගත් පිතිකරුවා ය.මොරටු විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දායාද වූ මේ පිතිකරුවා වර්ථමානයේ රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර මොරටු විද්‍යාලය සහ මොරටුවේ වෙනත් විද්‍යාලවලට පළමු පෙළ ක්‍රිකට් සඳහා පිවිසුමට අවස්ථාව සකසා දුන් මොරටුව ක්‍රීඩා සමාජය අක්‍රීය කරවීමට නීතිමය කරුණු පදනම් කරමින් මොරටුවේ පළමු පුරවැසියා වන මොරටු නගරාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා සමාජය එම ක්‍රීඩා සමාජයට අහිමි කරමින්ය.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...