ෂී ජින්පින් ලබන සතියේ පුටින් හමුවේ

Date:

චීන ජනාධිපති ෂී ජින්පින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරීම වෙනුවෙන් එළැඹෙන සිතියේ මොස්කව් බලා යාමට සූදානම් බව චීන රජය වාර්තා කර කරමින් කියා තිබුණේ චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය මිත්‍රත්වය සහ සාමය සඳහා වන සංචාරයක් බවයි.

රුසියාව විසින්ද චීන ජනාධිපතිවරයාගේ පැමිණීම තහවුරු කර ඇති අතර ක්‍රෙම්ලිනය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ පුළුල් හවුල්කාරිත්වයක් සහ උපායමාර්ගික සහයෝගීතාවයක් පිළිබඳව දෙපාර්ශවයේ නායකයන් සාකච්ඡා කරනු ඇති බවයි.
ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ආරාධනය මත මාර්තු මස 20වන දා සිට 22 දා දක්වා චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ රැඳී සිටිමින් ද්වී පාර්ශවීය වශයෙන් වැදගත්වන ලියකියවිලි රැසක් අත්සන් කිරීමට නියමිත බව පැවසේ.

පසුගිය සතියේ චීනය විසින් යුක්රේන යුද්ධය නිමා කිරීම වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබූ අතර යුරේපා රටවල් ඒ කෙරේ දැක්වූයේ ඇල්මැරුණු පිළිගැනීමකි. පසුගියදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ බීජිනය රුසියාවට ආයුධ සහ පතොරම් සැපයීම පිළිබඳ සැලකිලිමත්වන බවත් අනතුරු අඟවන බවත්ය.
මෙම ප්‍රකාශය බීජිං විසින් ප්‍රතික්ෂප කර තිබුණද චීනයේ විදේශ අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ තායිවානයට ආයුධ සපයන ඇමරිකාව රුසියාවට ආයුධ ලබානොදෙන බවට බලපෑම් කරන්නේ කුමන පදනමක්
මතද යන්නත් චීනය මර්දනය කිරීමෙන් ඇමරිකාව ශ්‍රේෂ්ඨ නොවන බවත්ය.

යුක්රේන යුද්ධය නිමා කිරීම වෙනුවෙන් චීනය විසින් ඉදිරිපත්කරන ලද යෝජනාමාලාව පිළිබඳව පසුගිය පෙබරවාරි මාසයේදී යුක්රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටියේ බීජිං යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට Xi Jinping හමුවීමට අවශ්‍ය බවයි. කෙසේ නමුත් මේ වන තෙක් ෂී ජින්පින් සහ සෙලෙන්ස්කි අතර හමුවක් පිළිබඳ තොරතුරු වාර්තා නොවේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය පෙනි පෙනී අතපත්තු අත්පත් කර ගත් ජය

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් සූරතාවලියේ ජයග්‍රහණය...

බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද(18) දින ගම්පහ දිස්ත්‍රික්කයේ...

ශ්‍රී ලංකාව අවසන් හතරට ස්ථීරයි – ගැටළුව ඇත්තේ ප්‍රතිවාදියාගෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: මේ වන විට පැවත්වෙන ආසියානු කුසලාන...

බෝතලයකින් පහරදී පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය කිරීමක් ගැන පොලිස් විමර්ශන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය...