දේශබන්දුව හොයාගන්න බැරි ඩීල් එකක් නිසාද? ඇමති නලින්ද පිළිතුරු දෙයි!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව නම නොදන්නා තවත් කිහිපදෙනෙක් පොලීසිය විසින් සොයමින් සිටින බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් කැබිනට මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය.

පොලීසිය උපරිමයෙන් කටයුතු කරමින් සිටින අතර කිසිවෙකුට හෝ ගැලවීමට නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ආණ්ඩුව මෙන්ම පොලීසිය නොදන්නා කරුණු ඇත්නම් දැනුම් දෙන ලෙසත් අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක වන බවට සහතික විය හැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

”දේශබන්දු තෙන්නකෝන් පමණක් නෙවෙයි තවත් කිහිපදෙනෙක්ම ඉන්නවා පොලිස් කණ්ඩායම් යොදවලා හොයනවා අත්අඩංගුවට ගන්න. ඔබ අපිට කියන්නේ නෑනේ ප්‍රසන්න රණවීරත් එක්ක මොකක් හරි ඩීල් එකක් තියෙනවා කියලා. අපි එයාවත් හොයනවා. සෙව්වන්දිවත් හොයනවා. තව ඔබලා නම නොදන්න කිහිපදෙනෙක් හොයනවා. පොලිස් කණ්ඩායම් යොදවලා තියෙන්නේ. ගණේමුල්ල සංජීව ඝාතනයේ 13ක් මේ වෙද්දි අත්අඩංගුවට ගෙන තියෙනවා. නඩු පැවරීම ආරම්භ කරනවා. ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරයෙකුත් ඉන්නවා. මේ පරීක්ෂණ කරගෙන යනකොට රාජ්‍ය යාන්ත්‍රණය තුළටත් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම දක්වා විහිදිලා තියෙන්නේ. පොලීසිය උපරිමය කටයුතු කරමින් ඉන්න කියන්න පුළුවන්. ඒ නිසා ගැලවෙන්න බෑ. අපි නොදන්න පොලීසිය නොදන්න කරුණු ඔබ දන්නවා නම් ඉදිරිපත් කරන එක තමා හොඳ. අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන බවට සහතික වෙන්න පුළුවන්.” යනුවෙන් ජයතිස්ස මහතා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...