ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

Date:

ජාතික තරුණ සේවා සභාවේ (NYSC) නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත්කර තිබේ.

පසිදු ගුණරත්න ගේ නායකත්ව හැකියාවන් සහ තරුණයන් සවිබල ගැන්වීම සඳහා කැපවීම පිළිබඳව දැඩි විශ්වාසයක් පළ කරමින් මෙම පත්කිරීම සිදු කළ බවයි යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ.

25 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකු වන පසිඳු ගුණරත්න මේ වන විට ශ්‍රී ලංකාවේ සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරමින් සිටී. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගුණරත්න, ප්‍රජා සේවයට සහ තරුණ සංවර්ධනයට දක්වන කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක්වූ වෙකි. ඔහු දැනට කොළඹ 07 සිංහ සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එහිදී ඔහු ප්‍රජාවගේ ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ.

NYSC හි නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගන්වන සහ අනුබල දෙන පරිසරයක් ඇති කිරීමට සහ අවස්ථා නිර්මාණය කිරීමේ මෙහෙවරට නායකත්වය දෙනු ඇතැයි යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

විශේෂයෙන්ම ආර්ථික අර්බුදය සහ සමාජ දේශපාලන පුනරුදය තුල, තරුණ තරුණියන්ගේ චින්තන සහ ශ්‍රම දායකත්වය රටට අත්‍යාවශ්‍ය මොහොතේ ඔවුන්ගේ හැකියාවන් පෝෂණය කරමින් ඔවුන් සාර්ථක අනාගතයක් කරා යොමු කරන නව්‍ය ව්‍යාපෘති සහ මුලපිරීම් ක්‍රියාත්මක කිරීමේදී ඔහුගේ නායකත්වය තීරණාත්මක සාධකය වනු ඇතැයි අමාත්‍යවරයා කියා සිටියි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...