දැරියක අපයෝජනය කළා යැයි සැක පිට 9ක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW): අනුරාධපුර ළමා හා කාන්තා කාර්යාංශය විසින් කළ වැටලීමකදී අනුරාධපුර නගරයේ කොණ්ඩා කපන ස්ථානයකදී වයස අවුරුදු 14 යි මාස 6ක ගැහැණු ළමයෙකු ලිංගික අපයෝජනය කළ සිද්ධියකට අදාළව සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කලක සිට අදාළ දැරිය එම ස්ථානයේදී ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන් 19, 61, 52, 35, 40, 34 සහ 48 යන වයස්වල පසුවන්නන් බව පැවසේ.

පොලීසිය පවසන්නේ, අදාළ ස්ථානයට මෙම දැරිය නිරන්තරයෙන් පැමිණීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලීසියට කළ දැනුම් දීමක් මත සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...