*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ලංකාවේ කාන්තා ක්‍රිකට් බලාපොරොත්තු අතරට එකතුවන කේතලෙන් මල්ලක්

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 19, කොළඹ (LNW): ලෑලිඅඹේ මහා විද්‍යාලය මාතලේ දිස්ත්‍රික්කයේ ලස්සනම පැත්තකට අයිතිය.ඒත් ඒ ලස්සන පරිසරය තරම් ඒ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන නැත.පහසුකම්වලින් ඈතට වෙන්නට ජීවත්වෙන ඒ ප්‍රදේශයේ පවුලක විශ්‍රාමික යුද හමුදා සෙබළෙක්ගේ දියණියක් ගැන දැන් රටම අවධානයෙන් සිටියි.ඇය නමින් යසන්ති නෙත්මිකා හේරත් ය.බොහෝ විට ඉතාමත් නුදුරු කාලයකදී ඇය ගැන විමසිල්ලෙන් සිටින පරාසය ලංකාව නොවී ලෝකය වන්නට ද ඉඩ ඇත.


මෑතක බංගලාදේශයේ පැවති අවුරුදු 19 න් පහළ කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේදී යසන්තිගේ වමත් දඟ පන්දුවේ තරම තරමක් දැන ගන්නට ලැබිණ.ඇයට කඩුලු හිමිවන තරමටම ඇය ලකුණු නොදී සිටීමේ ද සමත්කම් ඇත්තියක බව පෙන්නුවාය.අවසාන තරගයේදී ඇය සිය පන්දු ඕවර් 4 නිමා කළේ ලකුණු 16 ක් පමණක් ලබා දෙමින් බංගලාදේශයේ කඩුලු 2 ක් ද දවා ගනිමින්ය.
මේ සියල්ල නිසාම මෙවර මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ වාර්ශික සම්මාන ප්‍රදානෝත්සවයේ දී ඇය මාතලේ දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙසින් අභිශේක ලද්දාය.


“අපේ පැත්තෙ පිරිමි ළමයිත් එහෙමට ක්‍රිකට් ගහන්නෙ නැහැ.ස්කෝලෙ සොෆ්ට් බෝල් එහෙම තිබුණා.ඒත් ඉතිං හවුස් මීට් කාලෙට විතරයි.අක්කා එහෙම ගහලා තිබුණා.මං ඒත් එහෙමවත් ගහලා තිබුණෙ නැහැ.”
වර්ථමනයේ භාහිර උපාධිය හසුරුවන මාස් ආයතනයට සම්බන්ධව සේවය කරන අක්කා පමණක් නොව යසන්තිට නංගිලා ද දෙදෙනෙකි.අක්කාගේ සැහැල්ලු පන්දුවෙන් ක්‍රිකට් ගැන හරි අවබෝධයක් ඇති කර ගන්නට සමත් නොවුණු අම්මා සහ තාත්තා අලුතින් පාසලට පැමිණි චාමලී පුස්සැල්ල මිස්ගේ ක්‍රිකට් කෙරුවාවට යසන්ති සම්බන්ධවීමට එරෙහිව විරෝධය පෑහ.එහෙත් ඒ වන විට චාමලී මිස්ගේ මග පෙන්වීම එක්ක යසන්ති ක්‍රිකට් හා තදින් බැදී උන්නාය.


“එහෙම සෙල්ලම් කරද්දි තමයි මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංචිතයට ඇතුළත් වෙන්නෙ.එතැන ඉදලා ඇන්ටන් කොස්තා සර් කෝච් හැටියට ගොඩක් දේවල් කියා දුන්නා.මම වමතින් වේග පන්දු යවනවා.ඒ වගෙම දඟ පන්දු යැවීමත් කරනවා.ඒත් මම ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතයට තේරෙන්නෙ සහ දැන් මං ගැන අවධානය යොමු වෙලා තියෙන්නෙ වමත් දඟ පන්දු යවන්නියක් විදිහටයි.”


ඇය දිස්ත්‍රික්,පළාත් මෙන්ම සුපිරි පළාත් සංචිතවලට පියවරෙන් පියවර වේගයෙන් ළං වන විට ගෙදර දරා ගෙන සිටියේ අමාරුවෙන්ය.ක්‍රීඩාව ගැන ඇති අනවබෝධය අධ්‍යාපනයට සිඳු වන බාධා වගෙම මේ පුහුණුවීම් සඳහා මාතලේට,දඹුල්ලට යන්න සිඳුවන විට ඒ වියදම් දැරීම මෙන්ම තමන්ගේ සහ නංගිලාගේ අධ්‍යාපන වියදමත් සමඟ ගෙදර වියදම් දරන්නට සිඳුවන තාත්තාගේ විශ්‍රාම වැටුප රුපියල් 40000 ක් පමණි.


දඹුල්ල ගිහිං එන්න වුණොත් 1000 ක් යනවා බස් වියදම.ඒවත් ඉතිං අකමැත්ත ප්‍රකාශ කරන්න හේතු තමයි.දවස් හතරක් ගියොත් 4000 ක් නෙ.අනික අධ්‍යාපනය.ඒත් මං වැඩිපුර පංතියෙත් ඉන්නෙ නැතුව ඒ 4 යි,බී 1යි,සී 2 යි එක්ක ඔක්කොම විෂයන් සමත් වුණා.ඒකෙන් ගෙදරට සංතෝශයි.ඇයි ස්කෝලෙ පංතියෙ නැති එක නිසා විභාගය බැරි වෙයි කියලා හිතාගෙන හිටපු ගුරුවරුත් හොඳ කිව්වනෙ.ඒ වගෙම තමයි දිස්ත්‍රික්වලින් පළාත්වලින් සුපර් පළාත්වලට යන්න යන්න ක්‍රිකට් බෝඩ් එකෙන්,මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයෙන් මට මගේ වැඩ ටික පියවගන්න උදව් ලැබෙන්න ගත්තා.”


ඇය ක්‍රිකට් වෙත ඇති මුදල් බාධකය ඉහළින් පැන යන්නට සමර්ථකම් ඇත්තියක වීමත්,අධ්‍යාපනය ද වෙහෙසී ආවරණය කිරීමත් නිසා දැන් ගෙදර ක්‍රිකට් ලෝලී නිවසක් ලෙස වෙනස් වී ඇත.තමා ක්‍රීඩා කරන තරග නැරඹීමට තාත්තා බොහෝ විට එන බවත්,ක්‍රිකට් තොරතුරු පවුලේ මාතෘකාවක් වී ඇති බවත් යසන්නති මුමුණන්නීය.එසේම ඇයට විභාග ප්‍රතිපල සහ ක්‍රිකට් දස්කම් නිසාම ලෑලිඅඹේ විද්‍යාලයෙන් සමුගෙන මහනුවර මහමායා සමඟ එක්වීමට ලැබුණු ඇරයුම බැහැර කර ඇත්තේ තමන් රටට හඳුන්වා දුන් ලෑලිඅඹේ මහා විද්‍යාලය වෙනුවෙන් තව දුරටත් යුතුකම් ඉටු කිරීමේ ආදරණිය චේතනාවෙන්ය.


මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් ඇගයීම්වලට මාව කැඳවපු දෙවන පාර මේ.මේ පාර තමයි වසරේ ක්‍රීඩිකාව වුණේ.මාතලේ දිස්ත්‍රික් සංගමයෙ උපාලි සිරිසේන සභාපතිතුමා සහ සුජීව ගොඩලියද්ද ලේකම්තුමාත් දිස්ත්‍රික්කයෙ ක්‍රිකට් ගැන බලනවා.සුජීව ස්ර් මේ වෙන කොට මට මාසික දීමනාවකුත් ලබා දෙනවා.අවුරුදු 19 න් පහළ සංචිතයෙ ඉන්න නිසා මට ක්‍රිකට් බඩු,පෝෂණ දීමනා,නවාතැන් සහ ආහාර සියල්ලම ලැබෙනවා.”


ඇය නැති බව කියනු වෙනුවට තව ඉපැයිය හැකි තත්ත්වයට පත්වීම කෙරෙහි සිහික දකින්නේය.තමාගේ ක්‍රීඩාව දැනට ලැබෙන උපකාරවලින් කළමණාකරණය කර ගැනීමට හැකි බව පවසන ඇය දුවක ලෙස අම්මටයි තාත්තටයි හොඳින් ජිවත්වෙන්න පුළුවන් ආර්ථිකයක් හදා දීමේ සිහිනය වෙනුවෙන් ක්‍රිකට් තව දුරටත් දියුණු කරගත යුතු බව සිතන්නීය.


“නංගිලා දෙන්නගෙන් එක්කෙනෙක් හතරෙ.ලොකු එක්කෙනා හතේ.පොඩ්ඩිනම් ක්‍රිකට්වලට හදාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.එයා සෙල්ලම් කරනවා දකින්න ආසයි.ලොකු නංගිගෙනම් එහෙම ආසාවක් පේන්න නැහැ ඉතිං.”


ඇය වඩාත්ම කැමති ක්‍රිකට් චරිතය එංගලන්ත නායක බෙන් ස්ටොක් ය.


“මගේ ජීවිතේට ගොඩක් සමීපයි වගේ දැනෙනවා ඒ කතාවන්.ඒ වගේම අපේ ජෙනරේෂන් එක ගත්තම දුනිත් වෙල්ලාලගේට කැමතියි.ඒ වගේම මං ඉනෝකා රණවීර අක්කට ගොඩක් කැමතියි.මං බලාගෙන ඉන්නවා සමහර වෙලාවට අක්කලා ප්‍රැක්ටිස් කරනවා.තවම කතා කරන්න බැරි වුණා.මං හිතනවා මට ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් කියලා ඉනෝකා අක්කගෙන්.එයා ලෝකෙ ඉන්න හොඳම දඟ පන්දු යවන්නෙක්.”


දැනට ඇය ඛෙත්තාරාමයේ නේවාසිකාගාරයේම නැවතී එන තුන් කොන් තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම්වල යෙදෙන්නීය.එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සමඟ වන එම තරගාවලිය ඇයට ජීවිතයේ විශාල අත්දැකීමක් එකතු කරනු ඇත.


“මහේෂ් ස්ර් බංගලිදේශ ටුවර් එකට ඉස්සෙල්ලම අපිට කිව්වෙ හැමෝම තමන්ගෙ උපරිමය දෙන්න ඕනි,අපි යන්නෙ කප් එක ගේන්න කියලා.ඒත් අපි ගිය මුලම තරගයේදි ඒ දේශගුණයෙ තියෙන සීතල වගෙ කාරණා එක්ක බංගලිදේශයට පැරදුණා.ඒත් ෆයිනල් ආවම මහේෂ් සර් අපිට කරන්න ඕනි හැටි සහ වෙන්න ඕනි දේ මුල ඉදන් කියා දුන්නා.ඒ කප් එකට ඉතිං මමත් බෝල් කරලා හොඳ සහයක් දුන්නා කියලා හිතනවා.”


වත්මන් අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් පුහුණුකරු මහේෂ් වීරසිංහ තමන්ව ජයග්‍රාහී ඉලක්ක වෙත සිරුරෙන් සහ මනසින් සකස් කරන ආකාරය ගැන යසන්තිට ඇත්තේ හොඳ විශ්වාසයක්ය.දිනන්න පාර පෙන්නන්න දන්න ගුරු හරුකම්වලින් එළැඹෙන තරගාවලිය ද ජයග්‍රාහීව අවසන් කරන්නට හැම විටම මහේෂ් ශක්තිමත්ව තමන්ට මඟ පෙන්වනු ඇතැයි ඇය විශ්වාස කරන්නීය.


ගමෙන් කොළඹ එනවිට ම ඇය එතෙක් නොදුටු විශාල ලෝකයක් ක්‍රිකට්වලින් අත් කර ගෙන ඇත.ඉනික්බිති ඇය මේ කොදෙව්වෙන් එපිට ද දැක්කාය.ලෝකය දකින්නට තමන් වගේ දුෂ්කර ගමක කෙල්ලකට පාර කියූ ක්‍රිකට් ගැන ඇයට ඇත්තේ ආදරයක් මුසු ගෞරවයක්ය.නුුහුරු නාගරික සංස්කෘතිය සහ විශාල ක්‍රිකට් ලෝකයකට ජාතික සංචිතයට කැදවීමෙන් පසුව තමන්ට දැණුන වෙනස කළමණාකරණය කරගන්න දන්න යාළුවෙක්වත් ළඟ නොසිටීම ගැන ඇයට දැනී ඇත්තේ දුකක්ය.පාළුවක්ය.


“ඉස්සෙල්ලම මට යාළුවො වුණේ මාතරින් ආපු දෙන්නෙක්.පස්සෙ පස්සෙ එකට වැඩ කරද්දි අපි හොඳට අපේ දේවල් ෂෙයාර් කරගෙන සෙල්ලම් කරා.දැන්නම් පවුලක් වගෙ.ඒ වගෙම මම සුපර් ප්‍රොවින්ෂල් සෙල්ලම් කරන්න ගියහම ඉස්සෙල්ලම යාළුවා වුණ කුරුණෑගලින් ආපු අශානිත් මේ පාර සංචිතයට තේරිලා ඉන්නවා.ඒකත් ඉතිං ලොකු සතුටක්.”


ඇය වචන මුදා හරින්නේ කාර්ය බහුල මොහොතකය.කණ්ඩායමේ පුහුණුව අතර යම් ඉඩක් සකසා ගෙන දෙපැත්තේම ඔළුව තබා ගෙනය.


“මේ දක්වා ආපු ගමණට උදව් කරපු ස්කෝලෙ,මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට්,අපේ පවුලෙ අය,ක්‍රිකට් බෝඩ් එක මේ හැමතැනම හැම කෙනෙක්ටම ස්තූතියි.හදිසියට කවුරු හරි මතක් කරන්න ඕනිම කෙනෙක් ගැන කියවිලා නැතිනම් සමාවෙන්න කියලා අනිවර්යෙන්ම ලියනවද?”


ඇය කෘතවේදීව මෙන්ම වගකීම් සහගතව මගෙන් සමුගැනීමට පෙර විමසන්නීය.සමහර විට එසේ නම් ගිලිහී යන්නට ඇයට මා කතා කරන සීමාව ද බලපාන්නට ඇත.ඒ සිමාව,පුහුණුවට ඇති කළබලය ආදි සියල්ල නිසා මඟ හැරුණු නමක් ඇත්නම් අපිද ඇය වෙනුවෙන් සමාව අයදිමු.යසන්ති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්වලට යස මතක සටහන් තබන ක්‍රීඩිකාවක් වෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.එ් විශ්වාසයෙන් අපි ඇයට සුබ පතන්නෙමු.!


“මෙවර මාතලේ ක්‍රිකට් ඇගයීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට මාතලේ ඉපිද වරම් ලැබූ ලහිරු මධුශංක සහ වාර්තාගත වමත් දඟ පන්දු යවන්නෙක් සහභාගි කරවීම ලොකු දෙයක්.අපිට කරන්න පුළුවන් දේ ගැන වගේම මහන්සියෙන් කැපවීමෙන් වැඩ කළොත් යන්න පුළුවන් ගමණ ගැන හොද පාඩමක් දීමක්.”


එ වචනවල ක්‍රීඩාවේ ඇගයීම් සඳහා වඩාත් සුදුසු ඔවුන්ට සමීප චරිත ලෙස අනාගත ක්‍රිඩකයන්ට ඇගයීම් දෙන විට අසළින් රැදවිය යුත්තේ කවුද යන ඉඟිය ඇත.එකම එක වරක් මේ ලියුම්කරු කරන ලද ඉල්ලීමකට අනුව සමස්ත ලංකා පාසල් කෙළ උළෙලට ද ආසන්න කාලයේ දස්කම් දක්වා වාර්තා පිහිට වූ පාසල් කෙළි උළෙලෙන් බිහි වූ ක්‍රීඩකයින් ජය සංඛේත ප්‍රදානයට වේදිකාවට කැද වූ අයුරු සිහිපත් විය.එවකට සිටිය ක්‍රීඩා පාසල් අධ්‍යක්ෂ ජෙනරාල් එල්.කේ ජයවීර ද,අධ්‍යාපන සේවා අමාත්‍යව සිටි නිර්මල කොතලාවල ද එය ඉතා කැමත්තෙන් භාරගෙන ක්‍රියාත්මක කළත් ඉනික්බිති එය ක්‍රියාවට නො’නැඟිණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan