Meta සමාගමට ඕස්ට්‍රේලියාවෙන් නඩු

Date:

Facebook හි මව් සමාගම වන Meta සමාගමට එරෙහිව ඕස්ට්‍රේලියාව නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. ව්‍යාජ කීර්තිමත් පරිශීලකයින් ඉලක්ක කර ගනිමින් වංචා දැන්වීම් වලට Facebook ඉඩ ලබා දෙන බවට මෙමගින් චෝදනා කර ඇත.

Facebook නැමති තාක්ෂණික දැවැන්තයා දැනුවත්ව ව්‍යාජ ගුප්තකේතන මුදල් සඳහා දැන්වීම් සත්කාරකත්වය ලබා දීමෙන් මගින් මෙම ක්‍රියාවලිය සිදු කර තිබේ.

මෙටා සමාගම මේ පිලිබඳව තවමත් අදහස් දක්වා නොමැති නමුත් වංචාකරුවන් තම මාජ මාධ්‍ය ජාලය ඔස්සේ හදුනාගැනීමට කැපවී සිටින බව සමාගම කලින් පවසා තිබේ.

ඕස්ට්‍රේලියානු Competition and Consumer Commission ආයාතනය (ACCC) පවසන්නේ අදාළ වෙළඳ දැන්වීම් මගින් අවදානමට ලක්විය හැකි පරිශීලකයින් ඉලක්ක කර ගැනීමට Facebook හි ඇතැම් ක්‍රියාවිලීන් භාවිතා කර ඇති අතර ඕස්ට්‍රේලියානු ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ව්‍යාජ දත්ත උපුටා දැක්වීම් ඒවා තුල ඇතුළත් කර ඇති බවයි.

අවසරයකින් තොරව භාවිතා කරන ලද දත්ත අතර හිටපු නිව් සවුත් වේල්ස් ප්‍රිමියර් මයික් බෙයාර්ඩ්, රූපවාහිනී සත්කාරක ඩේවිඩ් කොච් සහ කෝටිපති ව්‍යවසායක ඩික් ස්මිත් ඇතුළත් වේ.

ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේ මේ සම්න්ධව ගොනු කරන ලද නඩුවේ නෛතික ක්‍රියාමාර්ග පිලිබඳව, මෙටා සමාගම දැනුවත් කළ බවත්, ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ විරෝධතා මතු වූ පසුව පවා එම සමාගම වංචා වැළැක්වීමට අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වී තිබේ.

පසුගිය මාසයේදී ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපතියෙකු වන ඇන්ඩෲ ෆොරස්ට් මෙටාට එරෙහිව අපරාධ නඩුවක් යොමු කලේ ඔහුගේ රුව භාවිත කළ ව්‍යාජ දැන්වීම් සම්බන්ධයෙන් ය.

ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සතු Meta සමාගම 2021 දී ගෝලීය වෙළඳ ප්‍රචාරණ ආදායමෙන් ඩොලර් බිලියන 115ක් උපයා ඇත.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...