“සතරාව දීපනී” උපහාර උළෙල ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Date:

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කළ “සතරාව දීපනී” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

බන්දුල ගුණවර්ධන මහතාගේ දායකත්වයෙන් නිර්මාණය කළ කලා කෘති උදෙසා දායක වූ කලාකරුවන් පිරිසකට උපහාර දැක්වීම මෙහිදී සිදු කෙරුණු අතර ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල, සිරිල් වික්‍රමගේ යන ප්‍රවීණ කලා ශිල්පීන් එහිදී ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.

මහාචාර්ය ආරියරත්න ඇතුගල, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල යන ප්‍රවීණ කලා ශිල්පීන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සිනමා දිවිය ඇසුරෙන් මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර, රන්ජිත් කුමාර, අරුණ ගුණරත්න, දිනුෂ කුඩාගොඩගේ යන ප්‍රවීණ මාධ්‍යවේදීන් විසින් සංස්කරණය කරන ලද “සුබන්ධු සිනමා වත” කෘතිය එළිදැක්වීමද මීට සමගාමීව සිදු කෙරිණි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව පාසල් සිසු දරු දැරියන් උදෙසා වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන “ප්‍රඥා බන්දු” ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරණ දූ දරුවන් 251 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම සංකේතවත් කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන්ගේ සුරතින් සිදු කෙරිණි.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මහතා විසින් සිදු කළේය.

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, මැති ඇමැතිවරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්, කලාකරුවන්, මාධ්‍ය ආයතන ප්‍රධානින්, මාධ්‍යවේදීන්, වෘත්තිකයින් ඇතුළු ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...