*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ජනතාවට මේ ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)

ජනතාවගේ ඈත් වෙලා ඉන්නකොට ජනතාවගේ දුකට විසදුම් ලබා නොදෙන කොට ජනතා ප්‍රශ්නවලට සවන් නොදෙන කොට මේ රටේ රාජ්‍ය පාලනය ලක්ෂ 220ක් වූ ජනතාවගේ සුබ සිද්ධිය නොව තමාගේ දේශපාලන පැවැත්ම යනුවෙන් සිතන කොට මැතිවරණ පැවැත්වීමට මැලිවීම පුදුමයට කරුණක් නොවන බවත් නමුත් ජනතාව සමග සිටින සමගි ජන බලවේගය ඕනෑම ආකාරයක මැතිවරණයකට බියකින් තොරව සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) උතුරු ග්‍රෑන්ඩ්පාස් හි පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය.

රටේ විශාලම පැරණිම දේශපාලන පක්ෂය බිංදුවට බස්සා පිනට ජාතික ලැයිස්තුවෙන් බලයට පැමිණි මේ ජනාධිපතිවරයා වර්තමානයේ පොහොට්ටුවේ ආරක්ෂකයා බවට පත් වී ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ රාජපක්ෂ විරෝධී තමා රාජපක්ෂලාගේ හොරකමට වංචාවට විරුද්ධව ජනතාව සමඟ එකට එකතු වී පාද යාත්‍රා ගිය බවත් එවැනි තත්ත්වයක් තිබිය දී ජනාධිපතිවරයාගේ පිං අගමැතිකම් ලබා ගෙන ජනතාවට දේ‍රා්හී වීමට තමා කිසිදු අවස්ථාවට කටයුතු නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරිණත රටක අපට අවශ්‍ය වන්නේ පරිණත තීන්දු අවංක තීන්දු බවත් එම තීන්දු මිනිසුන්ගේ පැත්තෙන් සිතා ගන්නේ යහපත් පාලකයන් බවත් මිනිසුන්ගේ පැත්තෙන් නොසිතා රාජපක්ෂ වන්දනාවේ ගොස් පොහොට්ටුවේ දූෂිත මන්ත්‍රීවරුන් සමඟ එකතු වුණා නම් අගමැති හෝ ජනාධිපති විය හැකි නමුත් එවැනි පහත ආශාවන් තමාට නොමැති බවත් මහජනතාවගේ වරම පිළිගැනීම හා විශ්වාසනීයත්වය නොමැතිව තමා කිසිදු දෙයක් නොකරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

රාජපක්ෂලා සමඟ එකට එකතු වී ජනාධිපතිකම් අගමැතිකම් ලබා ගත් විට රටට සෙතක් නොවන බවත් මේ ජනාධිපතිවරයාට මේ ආණ්ඩුවට මහජන පිළිගැනීම නැත්තේ ඒ හේතුව නිසා බවත් මහජනතාවට මේ ආණ්ඩුව කිසිසේත්ම විශ්වාස නැති බවත් ඔවුන් අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan