*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම තවත් වටයකින් ඉදිරියට

ජූලි 28 සිට අගෝස්තු 6 දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී පැවත්වීමට නියමිත නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අවසාන තේරීමට ප්‍රථම සිඳුවන 16 දෙනෙකුගෙන් යුත් සංචිතය තේරීම සිඳු වුණා.එහිදී තර්ජණි සිවලිංගම් 16 දෙනා අතර තබා ගනිමින් මේ දක්වා සංචිතයේ සිටි ක්‍රීඩිකාවන් අතරින් 15 දෙනෙක් තෝරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

අත්දැකීම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම වේගය සහ ශක්තිය අතින් ඉහළින් සිටින තරුණ ක්‍රීඩිකාවන් ද මෙම සංචිතයට අයත්වන අතර මැයි මාසයේ මුල් සතියේ අවසන් තේරීම සිඳුවන තෙක් මෙම කණ්ඩායම ජාතික පුහුණුකාරිණි තිලකා ජිනදාස යටතේ පුහුණුව ලැබීමට නියමිතයි.
මාර්ත් 15 වන දා ට ලෝක ශ්‍රේණිගත කිරීම් අතර 15 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවේ ඉදිරයෙන්ම සිටින කණ්ඩායම වෙනවා.සිංගප්පූරුව වැනි අන්තර්ජාතික නෙට්බෝල් තරග සංවිධානය කරන සහ එවැනි තරගවලට නිරන්තරයෙන් සහභාගි වන කණ්ඩායම් සිටියදී ආසියාවේ ඉදිරියෙන් රැදීමට එවන් පහුසකම් කිසිවක් නොමැතිව ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන්නේ මෙරට නෙට්බෝල් ක්‍රීඩිකාවන්ගේ සහ පුහුණුකරුවන්ගේ හැකියාව සහ කැපවීම නිසයි.යම් යම් කාරණාවලදී ක්‍රිඩිකාවන්ගේ සිට පුහුණුකාරියන්ගේ සිට පරිපාලනය දක්වාම ශ්‍රී ලංකා නෙට්බෝල් කේෂ්ත්‍රයේ සුදුස්සාවම තේරී පත්විමට වඩා තනතුරු සහ වගකීම් අත්පත් කර ගැනීමට සිඳුවන කෙහෙවළු පටලා ගැනීම නොවන්නට ශ්‍රී ලංකා නෙට්බෝල් මීටත් වඩා ඉහළ ස්ථානයක තැබිය හැකියි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී පළමු වටයේ දී තරග වඳින්නේ ජැමෙයිකාව සහ සත්කාරක දකුණු අප්‍රිකාව සිටින කාණ්ඩයේ වන අතර ජැමෙයිකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වනතැන සහ දකුණු අප්‍රිකාව 15 වන තැනයි.මෙහිදී අවධානයට යොමු කළ යුතු කරුණ වන්නේ ශ්‍රී ලංකාවට සාපේක්ෂව අනිත් රටවල් සඳහා ලැබී ඇති තරග අවස්ථායි.ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ 15 වන ස්ථානයේ රැඳෙන්නේ මේ තරගවාරයේ තරග 14 ට පමණක් තරග වැදීමෙන් වන අතර ජැමෙයිකාව තරග 40 ට සහභාගි වී සිටින අතර දකුණු අප්‍රිකාව තරග 65 ට සහභාගි වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සිටින දැඩි පිරිහිමේ තත්ත්වය තුළ මේ මොහොතේ ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට විදෙස් තරග අත්දැකිමක් අත්‍යවශ්‍යය නමුත් රටක් හැටියට ක්‍රීඩාව භාර අමාත්‍යංශයට එවැනි වත්කමක් නැහැ.මේ නිසා නෙට්බෝල් සභාපතිණිය යම් යම් පෞද්ගලික සබඳතා ගොනු කර ගනිමින් සංචාරයක් සඳහා උත්සාහ කරමින් සිටියත් එය ද දැනට තිබෙන්නේ බලාපොරොත්තු මට්ටමේයි.ශ්‍රී ලංකාවට වැඩි තරග අවස්ථා ලැබෙන්නේනම් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යාමට සහ ලෝකයේ ඉහළ මට්ටමේ ජාතික රගර් කණ්ඩායම් සමඟ තරග කර හැකියාවන් දියුණු කර ගැනීමට අවස්ථාව උදා වෙනවා.

තිලකා ජිනදාස සාමාන්‍යයෙන් ප්‍රකට පුහුණුකාරියක වන්නේ හැකියාව තරමටම ජාත්‍යන්තර මට්ටමෙන් ශාරිරික ශක්තිය සහ දරා ගැනිම සහිතව ශාරිරික යෝග්‍යතාවය පවත්වාගෙන යාමට සමත් පුහුණුකාරියක ලෙසයි.ඒ නිසා මේ මොහොතේ ලෝක කුසලාන තරගාවලිය ගැන සිතන අයුරෙන්ම ඉදිරි වසර දෙකක පමණ කාලයකට තිලකා සමඟ නෝනාවරු කොණ්ඩා පටලා ගැනිමේ සංචාරක මේනියාවෙන් මිදී කටයුතු කර,තිලකා යටතේ ජාත්‍යන්තර තරග අත්දැකිම් ලැබෙන තත්ත්වයට දියුණු වුවහොත් තව වස පහකට පමණ පසුව හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකයේ මුල් කණ්ඩායම් හය – හත රැඳෙන්නට ඉහළ අවස්ථාවක් තිබෙන අතර ක්‍රීඩිකාවන්ට ද ජාත්‍යන්තර ක්‍රීඩා සමාජවලට වෘත්තීය මට්ටෙමන් තරග කිරිමේ විශාල ඉඩක් ද පවතින්වා.

විශේෂයෙන්ම තිලකා සමඟ පරිස්සමෙන් කටයුතු කිරිම වැදගත් වන අතර ඇය ගොඩ ගසා ගැනීමට වඩා ප්‍රතිපත්තිගරුකකම සහ සදාචාර සම්පන්න බවට ගරු කරන තැනත්තියක්.සමහර ක්‍රීඩා ප්‍රවීනයන් මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද එකිනෙක ගැටෙන කමිටුවල සදාචාරසම්පන්න නොවන විදිහට කටයුතු කරන අයුරු දකින්නට තිබුණත්,තිලකා නෙට්බෝල් ජාතික පුහුණුකරු තනතුරට පත් වූ වහාම ඇය එතෙක් සිටි ජාතික තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කිරීම ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි.
පහත දැක්වෙන්නේ දැනට අවසාන තේරිමට පෙර තෝරා තිබෙන 16 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමයි.

චතුරංගි ජයසූරිය,ගයනි දිසානායක,භාෂීණි ද සිල්වා,ගයත්‍රි කෞශල්‍යයා,ශානිකා පෙරේරා,ගයංජලී අමරවංශ,දුලංගි වන්නාතිලක,චමුදි වික්‍රමරත්න,රුක්ෂලා හපුආරච්චි,තිසාලා අල්ගම,සේමිණි ද අල්විස්,ඉමාෂා පෙරේරා,තරුෂි පෙරේරා,මල්මි හෙට්ටිආරච්චි,රශ්මි පෙරේරා සහ තර්ජණි සිවලිංගම්

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan