Wednesday, March 29, 2023
spot_img

Latest Posts

පළාත් පාලන ආයතන 340 කට අද මැදියම් රෑ සිට වෙන්න යන දේ

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.

2018 මාර්තු 20 වනදායින් ආරම්භ වූ මෙම පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 19 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණ ද එවකට රටේ පැවති අර්බුදකාරී තත්වය තුළ මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොවුණු බැවින් තවත් වසරකින් එම නිල කාලය දීර්ඝ කෙරිණි. ඒ අනුව අද දිනයට පෙර මැතිවරණයක් පවත්වා එම ආයතන සඳහා අලුතින් සභිකයින් පත්කරගැනීමට අවශ්‍ය වුවත් මේ වනතෙක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා අදින් එම ආයතනවල බලය අවසන් වේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහ නගර සභා 29 ක බලය නාගරික කොමසාරිස්වරුන්ටත් නගර සභා 36 ක සහ ප්‍රාදේශීය සභා 275 ක බලය එම ආයතනවල ලේකම්වරුන්ටත් පැවරේ.

එසේම එම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් භාවිතා කරන වාහන ඇතුළු සියලුම රජයේ දේපළ යළි රජයට භාරදෙන ලෙසත් ඔවුන්ට දැනුම් දී තිබේ.

නඩුවක් හේතුවෙන් ප්‍රමාද වී 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී ඡන්ද විමසීම සිදු කළ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණක් තවදුරටත් ක්‍රියාත්මක වේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.