පශු සම්පත් සංවර්ධනයට ඉන්දීය රජයේ අතහිත

Date:

අගාධයකට වැටී ඇති මෙරට පශු සම්පත් සංවර්ධන අංශය යළි නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවක දී අදාළ එකඟතාව පළ වී බවයි.

අවස්ථා කිහිපයක දී ඉන්දීය මහකොමසාරිස්වරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක් පවත්වා තිබූ අතර , මෙරට තුළ වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගව විශේෂ නොමැතිවීම හේතුවෙන් උසස් වර්ගයේ ගවයින් මෙරටට ලබාදීමට ද ඉන්දීය රජය එකඟතාවය පළ කර ඇති බව ද වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසූවේ පසුගිය වසරේ මෙරට කිරි හා කිරි නිෂ්පාදන කර්මාන්තය 19% කින් පමණ පහත වැටී ඇති බවයි. එබැවින් මෙම ඉංදීය සහයෝගය ඉතා වැදගත් බව පැවසීය .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාව දිනුවාට යුරෝපයේ ශක්තිය පෙන්නූ තරගයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

දේශපාලකයින්ට එල්ල වන අල්ලස් දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා වැඩි වෙලා – පැෆ්රල් සංවිධානය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14,කොළඹ LNW : පසුගිය කාලයට සාපේක්‍ෂව දේශපාලකයින්ට එල්ල...

බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්!

බලංගොඩ, බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂිතයේ පෙරේදා (13) පස්වරුවේ ගින්නක් හටගෙන...

මිද්දෙනියේ කන්ටේනර් දෙකේ රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව පොලීසියට

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනියෙන් හමුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය...