*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

රනිල් වික්‍රමසිංහ අද මැතිවරණ කොමිසමත්, අධිකරණයත් හෑල්ලුවට ලක්කරනවා (VIDEO)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද මැතිවරණ කොමිෂන් සභාවත්, අධිකරණයත් හෑල්ලුවට ලක්කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

“ඒ මහතා මේ බව පැවසුවේ අද (19) දින ජාතික ජන බලවේගය විසින් කැඳවූ මාධ්‍ය හමුවක් අමතමිනි. රනිල් වික්‍රමසිංහ අද මැතිවරණ කොමිසමත්, අධිකරණයත් හෑල්ලුවට ලක්කරනවා. එහෙම රනිල් අයි.එම්.එෆ්. එකේ උවමනාවට මහ බැංකුව ස්වාධින කරන්න උත්සාහ ගන්නවා. පාර්ලිමේන්තුවේ සම්මතවී තිබෙන 17, 19, 20, 21, ව්‍යවස්ථා සංශෝධනවලින් ස්ථාපිත වුණු ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය ආරක්ෂා කරන්නේ නැහැ. ඒවා හෑල්ලුවට ලක්කරමින්, චක්ගෝලයෝ දමා අධිකරණය හෑල්ලුවට ලක්කරමින් කටයුතු කරනවා. හදිසියේම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ස්ථාපිත කළා. එහි සභාපති ලෙස චමල් රාජපක්ෂ පත් කළා. දැන් ඒ කමිටුවට දොලවත්ත මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය යොමුකර තිබෙනවා. ලබන 23දා පෙරවරු 10.30ට මේ වරප්‍රසාද කමිටුව කැඳවා තිබෙනවා. එහි න්‍යාය පත්‍රයේ පැහැදිලිව දොලවත්ත මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කර තිබෙනවා. මෙය ඉතාම බරපතළ තත්වයක්. අපේ රටේ නීතිය, නීතියේ පරමාධිපත්‍යය හෑල්ලුවට ලක්කිරීමක්. ජනතාවගේ උත්තරීතර නීතිය වූ ව්‍යවස්ථාව හෑල්ලුවට ලක්කිරීමක්.

ජනාධිපතිවරයා වැඩ බාර ගන්නකොට දිවුරා ප්‍රතිඥා දෙනවා මේ ව්‍යවස්ථාව ගෞරව බහුමානයෙන් යුක්තව දිවිහිමියෙන් ආරක්ෂා කරන බවට. රනිල් වික්‍රමසිංහත් අග්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා මේ ව්‍යවස්ථාව ගෞරව බහුමානයෙන් යුක්තව ආරක්ෂා කරන බවට. අද රනිල් මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරනවා. මෙය ඉතා බරපතළ තත්වයක්.

අපි ජනතාවගේ පැත්තේ සිට ආණ්ඩුවට අවධාරණය කරනවා, වහාම මේ අධිකරණ තීන්දුවට හිස නමා, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදෙන්න. ඊට එරෙහිව යන්න විධායකට, කැබිනට් මණ්ඩලයට අයිතියක් නැහැ. ඒ වගේම දැනට දින නියම කර තිබෙන මැතිවරණය අප්‍රේල් 25දා පැවැත්වීමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් ලබාදෙන්න. දැනට දින නියම කර තිබෙන තැපැල් ඡන්දය සඳහා මාර්තු 28, 29, 30 දිනවලට අවශ්‍ය කරන ආකායට මුදල් වහාම ලබාදෙන්න. දැනටත් එසේ නොකර තිබෙනවා නම්, ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. අපි ජාතික ජන බලවේගය විදිහට දැනටමත් අධිකරණයට ගොස් තිබෙනවා. මැතිවරණයට බාධා කිරීම අභියෝගයට ලක්කරමින් අලුත් නඩු කටයුත්තකට ආරම්භය ගෙන තිබෙනවා. ඒ වගේම විවිධ පාර්ශ්ව මේ ක්‍රියාමාර්ග අභියෝගයට ලක්කර තිබෙනවා. ඒ ක්‍රියාවලිය ඉදිරියට යමින් තිබෙනවා.

අධිකරණ ක්‍රියාවලිය හරහා මෙය පස්සට තල්ලු කිරීමත් ආණ්ඩුවේ උපක්‍රමයක්. අධිකරණ කටයුතු ඉක්මනින් අවසන් වෙන්නේ නැහැ. ඒක පාවිච්චි කර, මැතිවරණය කල්දමන්න උත්සාහ ගනිමින් ඉන්නවා. ඒකටත් ඉඩ නොතබා වහාම මේ මැතිවරණය පවත්වන්න. ජනතා පරමාධිපත්‍ය බලය, ඡන්ද බලය කැබිනට් එකට රනිල් වික්‍රමසිංහට පැහැර ගන්න කිසිදු හෝ අයිතියක් නැහැ. එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්, නීති විරෝධී ක්‍රියාවක්, ඊට එරෙහිව මේ රටේ ජනතාව අනිවාර්යයෙන් පෙළ ගැසෙනවා. ජනතාවගේ බලය ඊට වඩා ශක්තිමත් කියන එක අපි අනාගතයේ පෙන්වනවා.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan