ජයග්‍රාහී 7වන වරටත් ලොව ප්‍රීතිමත්ම රට ෆින්ලන්තයයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අඛණ්ඩව 7වැනි වරටත් , ලොව ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමවලට අනුව ෆින්ලන්තය පළමු ස්ථානයට පත්ව ඇත.

මෙම වාර්තාවට අනුව දෙවන ස්ථානය ඩෙන්මාර්කයට හිමිව ඇති අතර තුන්වන ස්ථානය අයිස්ලන්තයට හිමිව තිබේ.

අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 128වන ස්ථානයයි.

එසේම පළමු වරට බ්‍රිතාන්‍යය සහ ජර්මනිය මෙහි පළමු 20 න් ඉවත්ව ඇත. ඔවුන්ගේ ස්ථානය පිළිවෙළින් 12 සහ 13 ලෙස කොස්ටාරිකාව සහ කුවේටය ලබා ගෙන ඇතැයි සදහන් වේ.

මෙම වාර්තාවේ අවසන් ස්ථානයේ රැදී සිටින්නේ 2020වසරේ සිට තලෙයිබාන් පාලනයට නතුව පවතින මානුෂීය ව්‍යසනයකින් පීඩා විඳි ඇෆ්ගනිස්ථානයයි.

රටවල් 143ක වෙසෙන පුද්ගලයන්ගේ ප්‍රතිචාර භාවිතා කරමින් සකස් කර ඇති මෙම වාර්තාව වයස් කාණ්ඩ අනුව වෙන වෙනම ශ්‍රේණිගත කර ඇත. මේ සදහා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, නිදහස, ත්‍යාගශීලීභාවය සහ දූෂණය වැනි සාධක සැලකිල්ලට යොමු කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...