*
Friday, March 29, 2024
spot_img

Latest Posts

වතුර ගේන්නෙත් ඩොලර්වලටද – වතුර බෝතලයක මිල 30% කින් ඉහළට

මේ වනවිට දිනෙන් දිනම අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන සියලු කාණ්ඩවලට අයත් භාණ්ඩවල මිල දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා. මෙසේ මිල ඉහළ යාමට හේතුව ඩොලර් අර්බුදය හා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම බවයි ප්‍රකාශ කරන්නේ.

විදෙස් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා රුපියල අවප්‍රමාණය වීම සෘජුවම බලපාන නමුත්, දේශීයව නිෂ්පාදනය කරන භාණ්වල මිලද ආනයනික භාණ්ඩවල මිල ඉහළ යන වේගයෙන්ම වැඩිවීම ගැටලුවකි.

මේ වනවිට වෙළදපොලේ අලෙවි වන පානීය ජල බෝතල්වල මිලද ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් රුපියල් 90 කට අලෙවි වූ ලීටර් 1.5 වතුර බෝතලයක් රුපියල් 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එය ආසන්න වශයෙන් 33% ක මිල ඉහළ යාමකි.

මෙතරම් බීමට ජලය තිබෙන රටේ පානීය ජල බෝතල් සඳහා ඩොලර් අර්බුදය බලපාන්නේ කෙසේදැයි සාමාන්‍ය ජනතාව විමසා සිටිනවා.

මේ අතර ආනයනික කිරිපිටි මිල අද සිට ඉහළ දමා ඇති අතර ඊට සාපේක්ෂව දේශීය කිරිපිටි වර්ගද මිල ඉහළ දමා තිබෙනවා.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ජනතාව භාවිතා කරන මුඛ ආවරණවලද මිලද හෙට සිට 30% කින් ඉහළ දැමීමට නිෂ්පාදකයන් සහ ආනයනකරුවන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan