කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව තහවුරුකර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂයේ පක්ෂ නායකයින් සමගද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝග සහ ඊට මුහුණදීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ද ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබුණි.


