ශ්‍රී ලංකා කණ්ඩායම පමා වෙයි

Date:

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගී වූයේ ලෝක ටෙස්ට් කුසලාන අවසාන තරගය නියෝජනය කරන සිහිනය ද අත ඇතිවයි.නමුත් තරගාවලියේ තරග දෙකම පරාජයට පත් මෙමින් ශ්‍රී ලංකාව මීට සුළු මොහොතකට පෙර දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉණිමේ දී ලකුණු 358 ට දැවී ගියේ නවසීලන්තයට ඉණිමක සහ ලකුණු 52 ක් ජයක් අත් කර දෙමින්.

පළමු ඉණිමේ පන්දුවට පහර දීමේදී නොපෙන් වූ වගකීමකින් සහ සංයමයකින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සිව් දෙනෙක්ම දෙවැනි ඉණිමේ අර්ධ ශතක වාර්තා කරා.පළමු ඉණිමේ ඒකම වගකීම් සහගත පිතිකරණය ප්‍රදර්ශණය කළ නායක දිමුත් කරුණාරත්න දෙවන ඉණිමේදී ද ලකුණු 51 රැස් කරනු ලැබුවා.කුසල් මෙණ්ඩිස් ලකුණු 50 ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 62 ක් ඒක් කළා.හිමිවිය යුතුම තිබූ ශතකයක් අවාසනාවන්ත ලෙස අහිමි කර ගත් ධනංජය ද සිල්වා ලකුණු 98 ක් ඒක් කළා.ධනංජය සමඟ හොද සබදතාවයක් ගොඩ නැඟූ මේ තරගයේදි ටෙස්ට් වරම් ලද නිශාන් මධුශ්ක ඔහු කණ්ඩායමට තේරීම සාධාරණ බව කිව හැකි ලකුණු 39 ක් එකතු කළ අතර මේ තරගාවලිය පුරා කණ්ඩායම වෙනුවෙන් තමන්ට පැවරෙන වගකීම සඳහා උපරිමයෙන් කැපවෙන ක්‍රීඩකයෙක් බව ඔප්පු කළ කසුන් රාජිත අවසන් මොහොතේ දී පන්දු 110 ට මුහුණ දෙමින් අවසන් කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 20 ක් එක් කර ගෙන සිටියා.
නමුත් ප්‍රථම ඉණිමේ දැක්විය යුතුව තිබූ සංයමය සහ වගකීම ශ්‍රී ලංකාව ඉණිමක පරාජයකින් ගලවා ගැනීමට තරම් සාර්ථක නොවුණු අතර ටිම් සවුති සහ බ්ලෙයාර් තික්නර් කඩුලු 3 බැගින් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත පන්දු යැවීමේ කඳවුරේ ප්‍රධානීන් බවට පත් වුණා.

මේ මොහොතේ පරාජයට පත් වීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතාවයන් මෙන්ම ශක්‍යතාවයන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම වැදගත් වන අතර විශේෂයෙන් මේ තරග දෙකේම පරාජයට තදින්ම බලපෑවේ ඉතාමත් තීරණාත්මක මොහොතවල්වලදී අත හරින ලද උඩ පන්දු බව ක්‍රිකට් බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතුයි.සුවිශිෂ්ඨ පිතිකරුවෙක්‌ේ ගිලිහෙන ඒක් උඩ පන්දුවක් වුව තරගයක් පරාජයට වීමට හේතුවක් විය හැකි බව මෙම තරගවලදී හොඳින්ම ශ්‍රී ලංකාවට අවබෝධ කර දුන් කේන් විලියම්සන් ඒ් ආනුභාවයෙන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වුණා.තරගයේ වීරයා වූයේ නොදැවී ද්විත්ව ශතකයක් ලැබූ හෙන්රි නිකොලස්.
ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා දෙවන ඉණිම වෙනුවෙන් සටන්කාමී මනරම් ඉණිමක් දියත් කළ ධනංජය ද සිල්වා යි.

තරගයේ ලකුණු සටහනට පහත සබඳතාවයෙන් ඇතුළත් විය හැකියි.

https://www.espncricinfo.com/series/sri-lanka-tour-of-new-zealand-2022-23-1322351/new-zealand-vs-sri-lanka-2nd-test-1322358/full-scorecard

නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...