විශේෂ හෙලිදරව්වක්

Date:

නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ජාතිකමය වශයෙන් මෙරට ඡන්දදායකයින් ජාතික ජනබලවේගය/ජනතා විමුක්ති පෙරමුණ සහ සමගිජන බලවේගය වටා ඒකාබද්ධ වෙමින් ඇති බවයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය විසින් සිදු කරන ලද අදාළ සමීක්ෂණයකට අනුව උතුරු පළාතේ ජනතාව ඒකරාශී වෙමින් සිටින්නේ, ඉලංගෙයි තමිල් අරුසු කච්චි සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙක වටායි.කෙසේ වෙතත් අදාළ සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සඳහා වන ඡන්ද දායක සහයෝගයේ දක්නට ලැබෙන්නේ පහත වැටීමකි.

සමස්තයක් ලෙස ගත් කල පෙබරවාරි මාසයේ ජාතික ජනබලවේගය/ජනතා විමුක්ති පෙරමුණ සඳහා වන ඡන්ද දායක සහයෝගයේ ඉහළයාමක් පෙන්නුම් කරන අතර සමගි ජනබලවේගය හා සසඳන විට 43%ක ඉදිරියට යාමකි.එම මාසයේ සමගි ජනබලවේගය වටා ඒකාරාශී වී ඇති ඡන්දදායක සහයෝගය 30% ක් ලෙස සටහන්ව ඇත. එම මාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය සහ ඉලංගෙයි තමිල් අරුසු කච්චි 4%ක ඡන්දදායක සහයක් ලබා ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව ඇත්තේ, 2%ක ඡන්දදායක සහයෝගයකි.

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ සඳහා වන සහයෝගය උච්චාවචනය වීමෙන් පෙන්නුම් කරන්නේ, එම පක්ෂ සඳහා පාවෙන ඡන්දදායකයින්ගෙන් සහය හිමිව ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය පළ කරන ලද සමීක්ෂණ වාර්තාව පෙන්වයි.

මෙම නවතම විශ්ලේෂණයට අනුව 2022 පෙබරවාරි සිට අවසන් මාස 12 තුළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා වූ සහය අවසන් වන විට ජන බලවේගය /ජනතා විමුක්ති පෙරමුණ ලකුණු 30ක් සහ SJB ලකුණු 11ක් ඉහළ ගොස් ඇති බවද කියයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිළිවෙළින් ලකුණු 28 ක් සහ 15ක් අහිමි වී ඇති අතර උච්චාවචනයකින් පසු එක්සත් ජතික පක්ෂය ලකුණු 2 කින් ඉහළ ගොස් ඇත.

මෙම මාස 12 තුළ, ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ සඳහා වන සහය උච්චාවචනය වීමක් දක්නට ඇති අතර අප්‍රේල් සහ ජූලි මාසවල සහ මේ වනවිට සහයෝගය ක්‍රමයෙන් ස්ථාවරව ඉහළ ගොස් තිබේ. අදාළ සමීක්ෂණයට අනුව ඊට වෙනස්ව සමගි ජන බලවේගය සඳහා වන සහයෝගයේ ඉහළයාම මන්දගාමී ය.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සිදු කළ මෙම සමීක්ෂණයට අනුව, ජාතික ජන බලවේය/ ජනතා විමුක්ති පෙරමුණ සඳහා වන සහයෝගයේ උච්චාවචනයන් පෙන්නුම් කරන්නේ ඒ වටා පාවෙන ඡන්දදායකයින් ඒකාරාශීවීමෙන් ඔවුන් ප්‍රතිලාභ ලබා ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...