අපි ආර්ථික වර්ධන වේගය 5%කට ගෙනල්ලා ජාත්‍යන්තර විශ්වාසය දිනාගත්තා – ඇමති හේවගේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන වශයෙන් මන්ත්‍රීවරුන් 9000ක් පමණ ඉටු කළයුතු වැඩකොටස මේ වනවිට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනෙකු විසින් ඉටුකිරීම තුළ විශාල මහජන ප්‍රසාදයක් ජාජබට ලැබී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

“රාජ්‍ය බලය මේ දක්වා අපට ලැබිලා තියෙන්නේ ජනාධිපති ධුරය සහ පාර්ලිමේන්තුවේ බලය විතරයි. ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු 8000ක් විතර ඉන්නවා, පළාත් සභාවල මන්ත්‍රීවරු 456ක් ඉන්නවා, පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. ලංකාවේ 9000ක් විතර ඉන්න ඕනෙ මන්ත්‍රීවරුන්ගෙන් දැනට අපට බලය ලැබිලා තියෙන්නෙ පාර්ලිමේන්තුවේ 159 දෙනෙක් සහ ඇල්පිටියේ 15 දෙනෙක් විතරයි. 9000කින් විතර කරන්න ඕනෙ වැඩක් මේ 159 කිරීම ඇතුළෙ මේ රටේ ජනතාවගේ දැන් විශාල ප්‍රසාදයක් තියෙනවා. බිඳ වැටෙමින් තිබුණු ආර්ථිකය නතර කරලා විශේෂයෙන්ම ආර්ථික වර්ධන වේගය 5%කට වගේ ගෙනල්ලා ලෝක විශ්වාසය දිනාගෙන, ඒ වගේම තමයි මේ විනාශයට වගකිවයුතු දේශපාලන සංස්කෘතිය දැවැන්ත ප්‍රමාණයකින් වෙනස් කරලා මහජන හිතෛෂී දේශපාලනයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේ වෙලාවේ රටේ ජනතාව අපේක්ෂා කරන්නේ ගම්බිම් මට්ටමේ සංවර්ධනය කරන පළාත් පාලන ආයතනවල බලය මාලිමාවට ලබාදෙන්න”

නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 20) ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...