ලෝක සිතියමේ ලංකාව හොයාගන්න තියෙන්නෙ රනිල් වික්‍රමසිංහට පිං සිද්ද වෙන්න – ඩයනා කියයි

Date:

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසන්නේ , ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වර්තමානය ශක්තිමත් වීම කරන ලද උපක්‍රමශීලී ක්‍රියාපිලිවෙතක් බව සමහර දේශපාලන කුහකයන් කියා සිටියද සිදුවන්නේ රුපියලේ අගය තීරණය වන්නේ ඩොලරයට ඇති ඉල්ලු‍ම හා සැපයුම මත බවයි.

වත්මන් තත්ත්වය පිළිබඳ ඇය පවසන්නේ මෙවන් කතාවකි.

” කවදාවත් මේ රටට ඔළුව උස්සන්න මේ යූනියන් කාරයින්ගෙන් බහුතරයක් ඉඩ දෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ රටේ වත්මන් ජනාධිපති නොවන්නට මේ වන විට ලෝක සිතියමේ ලංකාව හොයාගන්න නැති වෙන්න තිබුණා. රනිල් වික්‍රමසිංහ මේ රට බාර කරනකොට මේ රටේ පෙට්ට්‍රල් ඩීසල් භූමිතෙල් ගැස් විදුලිය සැපයීම වැනි අත්‍යාවශ්‍ය කාර්යන් පූර්ණ වශයෙන් අඩපණ වෙලා තිබුනේ.

එමෙන්ම කොරෝනා ව්‍යසනයෙන් දැඩි ලෙසම ලාංකීය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති වූ අතර එම අර්බුදය මැද්දේ ඇති වූ මෙම සියලු‍ කායික මානසික මෙන්ම රටේ අනෙකුත් වෘත්තීන් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ද බිඳවැටීමකට ලක් වී තිබූ මොහොතක රටේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආගමනයෙන් මෙම සියලු‍ ගැටලු‍කාරී තත්ත්වයන් බොහෝ දුරට විසඳී හමාරය.මහජනයා සාමාන්‍ය දිවි පෙවතකට ගමන් කරමින් තිබෙන මොහොතක රට යළිත් ධනාත්මක දිශාවකට ගමන් කරවන වත්මන් නායක රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ගමන්මග කෙතරම් පිරිසුදු වුවත් ඇත්ත ඇති සැටියෙන් පෙනීමේදී මේ ඇත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් රටේ බොහෝ දේශපාලකයෝ නිහතමානි නැත.

ඒ ඔවුනොවුන්ට ඔවුනොවුන්ට ආවේණික වූ පක්ෂ පාට කණ්නාඩි දමාගෙන රටේ අර්බුදයන් දෙස බලන නිසාවෙනි. අපි දන්නවා අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියන්නේ කවදාවත් මනුස්සයෙකුගේ හොඳක් දකින මිනිහෙක් නෙමෙයි. අද මගේ පක්ෂයේ නිසා තමයි සජිත් ප්‍රමුඛ සජිත්ගෙ වටපිටාවේ සිටින දේශපාලන ඇම්බැට්ටයෝ වැජබෙන්නේ.මගේ පක්ෂය නැවතත් මා වෙත ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් මම ගෞරවාන්විත අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙන්නේ. දැන් එය විභාග වෙමින් පවතිනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණක් මුළුමනින්ම අතීතය වල දමල කතා කරන්නේ. රටේ රාජ්‍ය දේපලවලට විශාල ලෙස හානි සිදු වුණේ එවකට ජනතා විමුක්ති පෙරමුණේන්. මාලිමාව කියලා පක්ෂ සංකේතයක් යොදා ගෙන මුළුමනින්ම දිශානතිය වෙනස් කරමින් තරුණ කෙල්ලො කොල්ලො ඉස්සරහට දමමින් රටේ ආර්ථික මරමස්ථාන ඉදිරිපිට පිකටින් කරවන මොවුන් රටේ ආර්ථිකයට මෙන්ම සංචාරක ව්‍යාපාරයට මුළුමනින්ම මග අහුරනවා”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...