“සාමය සඳහා ජලය” තේමාව වූ ලෝක ජල දිනය අදයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22, කොළඹ (LNW): සාමය සඳහා ජලය යන්න තේමාව කරගත් ලෝක ජල දිනය අදට(22) යෙදී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනූව, 1993 වසරේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සමරති,

කෙසේ වෙතත් මේ වන විට ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්මවූ පිරිසකට පිරිසිදු පානීය ජලය නොලැබෙන අතර, පිරිසිදු පානීය ජලය, මූලික මිනිස් අයිතිවාසිකමක් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, පුද්ගලයින් මිලියන 2.3 කට සිය නිවසේදී සබන් ගා අත්සේදීමට වරම් නොමැති බවයි,

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ, නාගරික හා කාර්මික අපද්‍රව්‍ය මුසු කිරීම ඇතුලු විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජලය දූෂණය වීම ඉහළ ගොස් ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ දත්තවලට අනූව ලොව පුරා බිලියන තුනකට අධික ජනතාවක් ජල අවශ්‍යතා සපුරා ගන්නේ, ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ගවලින් ය.

ගංඟා, වැව් ඇතුළු අනෙකුත් ජල මූලාශ්‍ර අසල්වැසි රටවල් සමග බෙදාගන්නා රටවල් සංඛ්‍යාව, 153 ක් වන අතර,ලෝක ජනගහනයෙන් අඩක් පමණ අවම වශයෙන් වසරකට වරක්වත් බරපතල ජල හිඟයකට මුහුණ දෙන බව, පරිසර සංවිධාන පවසයි.

ලෝක බැංකුවේ පුරෝකතනවලට අනූව ලෝකය, 2030 වන විට ඉල්ලුම සහ පවතින ජල සංචිත අතර පරතරයකට මුහුණදෙනු ඇති බව පැවසේ.

මෙරට ජනගහනයෙන් ද, පිරිසිදු පානීය ජල සැපයුමක් හිමිවන්නේ, 62 % කට පමණි. 

අවිධිමත් සංවර්ධනය හා වනහායනය හේතුවෙන් ජල පෝෂිත ප්‍රදේශ තර්ජනයකට ලක්වීම, ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රබල අභියෝගයක් බවට පත්ව ඇත.

නීරෝගීමත් දිවියකට පිරිසිදු ජලය අත්‍යාවශ්‍ය සාධකයක් වන අතර, එය කොතරම් දුරට රක ගනීමට කටයුතු කරනවාද යන්න නම් විසඳුම් නති ගටළුවක් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...