*
Tuesday, April 29, 2025
spot_img

Latest Posts

හෙට ලංකාවේ බොක්සිං ?

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 22, (LNW)කොළඹ

රුසියානු නායකත්වයෙන් යුත් IBA, ප්‍රතිසංස්කරණය කිරීමට අපොහොසත් වීම නිසා ඔලිම්පික් ව්‍යාපාරයෙන් නෙරපා හරින ලදී.ඒ අනුව 2020 ට සහ 2024 දොළ ඔලිම්පික් උළෙල දෙකේම බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රියාත්මක වුණේ IBA අමතක කර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යටතේ සකසා ගන්නා ලද ව්‍යහුයක් යටතේය.එහෙත් එය 2028 දක්වා දිගු කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අවශ්‍යයතාවයක් නොතිබුණ බව පෙණින.ඒ අනුව IBA හා සමාන ක්‍රිඩා දේහයක් ස්ථාපිත කිරීමට ඉදිරිපත් වූ බොරිස් වැන් ඩර් වෝර්ස්ට් ගේ ලෝක බොක්සිං සම්මේලනය (worldboxing) සමඟ වැඩ කිරීමට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව එකඟතාවයකට පත්ව ඇත.


වත්මන් අයිඕසී සභාපතිණියගේ සම්ප්‍රාප්තියත් සමඟම ඇය නියෝජනය කරන සිම්බාබ්වේ ඇතුළුව අප්‍රිකානු රටවල් ද දැනට 84 ක් ව පවතින සාමාජිකත්වය ඉහළ නංවන්නට දායක වනු ඇතැයි සිතිය හැකිය.මේ ප්‍රවනතාවය යටතේ ශ්‍රී ලංකාවේ ඊ ළඟ පියවර කුමක්ද?ජාතික ඔලිම්පික් කමිටුව IBA සාමාජිකත්වය සහිත පවතින ශ්‍රී ලංකා බොක්සිං පිළිගන්නේ නැත.ඒ වෙනුවට පිළිගැනීම ඇති කර ගැනීමටනම් ඔවුන් ලෝක බොක්සිං සම්මේලනය සමග එක්විය යුතුය.මේ දක්වා හුදෙකලාව ඒ සම්බන්ධයෙන් ගත් උත්සාහය ව්‍යර්ථ වි ඇති බව සැළය.පවතින බොක්සිං සංගමයම ඊට එකතු වන්නේනම් එහි සියලු කටයුතු පරිපාලන මෙන්ම ගිණුම් ලෙස විධිමත්ව විගණනයක් යටතේ සැකසී ක්‍රීඩා අමාත්‍යංශයේ ද පිළිගැනීම ඇතුව ඉදිරිපත් කළ යුතුය.ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව මේ සම්බන්ධයෙන් කරන සාකච්ඡාවක්ද අත්‍යවශ්‍ය වන අතර තවම ඒ කටයුත්ත පියවෙන ලකුණු ද දකින්නට නොමැත.


මේ අතර ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ඉතිහාසය හා සසඳද්දී ඔලිම්පික් පදක්කමක් නොව ඔලිම්පික් සහභාගීත්වයත් මහමෙරකි.ඒ අනුව ඊට ආසන්නව සිටින උදයංග මිහිරාන් ඔලිම්පික් කරා තල්ලු කිරීමට ජාතික ඔලිම්පික් කමිටුවට ඇති ඉඩ හෝ ප්‍රයෝජනයට ගත යුතුය.විශේෂයෙන්ම ඔලිම්පික් සඳහා ඔහු සුදුසු කිරීමට රටක පරිපාලනය පැත්තෙන් සිඳු විය යුතු දේ තවමත් නිසි පරිදි සිඳුවන්නේ නැත.අඩුම තරමේ පෝෂණ කරුණු සම්බන්ධයෙන් හෝ පූර්ණ වශයෙන් අවධානය යොමු කරන ජාතික වැඩ පිළිවෙලක් ඔවුන් වෙනුවෙන් තිබිය යුතුය.


ශ්‍රී ලංකාවේ බොක්සිං පරිපාලනය වෙනස්වීම පුද්ගල විරෝධයක් මත සිදු වූ බව අපි දනිමු.එම පුද්ගලයාගේ පාර්ශවයෙන් එන නියෝජනය පරාජය කිරීම විනා වෙනත් ඉදිර අරමුණු වශයෙන් තිබුණේ කුමක් ද යන්න පිළිබඳව සළකා නොබැලිණි.පැවති පරිපාලනයේ හොඳ තීරණ ලෙස දුටු කරුණු රැකගෙන පෙරට යාමේ වැදගත්කම ගැන අලුත් පරිපාලනයට යෝජනා කරමින් ලියූ සටහනට පිළිතුරු ලෙස දුරකතන පණිවිඩයක් හරහා ලැබුණේ දෝෂාරෝපණයය.බොක්සි ගහන්න දන්නෙ නැති අය මේ ගැන නොලියා සිටිය යුතු බව ඔහුගේ අදහස විය.
දැන් බොක්සිං ගහන්න දැන ගැනීම පරිපාලනයට අදාළ වන්නේ කෙසේද යන්න විමසා බැලීමට කාලය පැමිණ ඇත.නව පරිපාලනය බලයට පැමිණෙන විටත් ලෝකයේ සිඳුවෙමින් පවතින මේ වෙනස සිඳුවෙමින් තිබිණ.ඊට මුහුණ දෙන්නේ කෙසේද කියා අවබෝධයක් ඔවුන්ට තිබුණේ නැත.අඩුම තරමේ පත් වූ පරිපාලනයේ සභාපතිවරයාට පරිපාලනමය වශයෙන් උපදෙස් දෙන්නට පිරිසක් පිටුපස සිටින බවක් දකින්නට නොලැබිණ.මේ තත්ත්වය මත පුද්ගල විරෝධයක් මත රටක බොක්සිං පරිපාලනය වෙනස් කළ සංයුතිය බෙදී වෙන් වී විසිර ඇති අතර එම විරෝධ ජාතික මට්ටමට ගෙන ඒම හැරෙන්නට ජාතිකමය වශයෙන් බොක්සිං මුහුණ දී තිබෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන විමසා බැලීමක් නැත.


පැවති පාලනය වෙනස් කරන්නට කඳවුරු බැදි පාලනයේ විරසක වීම මත එකිනෙකා කෙරෙහි විරෝධතා දැක්වීම ප්‍රධාන කාර්යය වි ඇත. IBA හරහා තහනමකට ලක් කරන්නට යෝජිත නෙල්කා ශිරෝමාලිට ඒ ගැන දැණුම් දිම කර පැමිණි ලිපිය සෑම තැනකම සැරිසරන අතර මාධ්‍යයට ද නිකුත් කර ඇත.එය ප්‍රධාන ප්‍රශ්නය කර බොක්සිං අවධානය එතැනට කේන්ද්‍ර ගත කිරීම නොව IBA සමග සිටිමෙන් ඔලිම්පික් පිළිගැනීමක් නොලැබෙන දෙයට කුමක් කරන්නේ ද යන්න විසඳාගත යුතු ගැටළුවය.


මේ වන විටත් වත්මන් සභාපති අනුරුද්ධ බණ්ඩාර තමන්ගේ වත්මන් පාලනය ලෝක සම්මේලනයෙන් පිළිගැනීම සඳහා කළ යුතු දේ ගැන දැනුවත්ව සිටින බව අපි දනිමු.ඔහු දැන හෝ නොදැන එම කරුණ වෙනුවට පවතින පරිපාලනයෙන් මුදා හරින නෙල්කා සම්බන්ධ තොරතුරුවලින් කෙටි කාලීන හානියක් ඇයට ඇති කර තරහක් පිරිමසා ගැනීමට හැකි වුව ද,ඇය අලුත් පරිපාලනය ඇතුළේ වඩාත් සුරක්ෂිත ලාංකේය බොක්සිං චරිතයය.ඇය ගෙවුණු බොක්සිං තරග දෙකේදීම IBAවලට පිටින් සිඳු වූ පාලන ව්‍යහුය යටතේ විනිසුරුකටයුතුවල යෙදුණාය.


දැන් මේ වෛරක්කාරකම් පිරිමසා ගැනීමට කාලය නොවේය.සියලු කාණ්ඩ එකතු වී ලංකාව වැනි රටකට ඔලිම්පික් නියෝජනයට බාධාවක් නොවන සේ සකස් කර ගත හැකි බොක්සිං පරිපාලන ව්‍යහුයක් සකස් කර ගත යුතු කාලයය. IBA අධ්‍යක්ෂවරයෙකු ලෙස සිටින ඩයන් ගෝමස් මේ මොහොතේ දරණ ස්ථාවරය කවරේද යන්න දැන ගැනීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ හෝ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ වගකීමය.ක්‍රීඩා පණතෙන් පිටතට විත් හෝ විශේෂ තීන්දු ගැනීමට අවශ්‍යය තාවකාලික මෙහෙයුමකට රටේ බොක්සිං පැමිණ ඇත.එහිදී රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ තේරීමක් ලෙස හදුන්වා දෙමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ද නොමද ආශිර්වාදය ඇතුව පැමිණි වත්මන් සභාපතිවරයා දේශපාලන හේතුවක් මත ප්‍රතික්ෂේප කළ යුතු බව අපි නොකියන්නෙමු.


ඩයන් සහ ඔහුත් එකට ගලපන්නනේ කෙසේද යන්නත්,නෙල්කාට මේ වන විට ඇති ලෝක බොක්සිං සම්මේලනයේ සබඳතා ඉක්මන් විසඳුමක් කරා යාමට උපයෝගි කර ගන්නේ කෙසේද යන්නත් ගැන අමාත්‍යවරු උපක්‍රමශීලීව සැළකිළිමත් විය යුතුය.කවුරු වුණත් මගේ කාර්යාලයට එන්න ඕනි කියන ආඩම්බර තීරණය පසෙකලා ක්‍රීඩාවේ පාලකයන් පොළවට බැස මේ අනතුරුදායක මොහොතෙන් රට බේරා ගැනීමට අවශ්‍යය දේ කරා තමන් ගමන් කළ යුතුව ඇත.අධික්ෂණය පරීක්ෂණය වගේම නිරීක්ෂණය යනු කාර්යාල කාමරයකට සීමා නොවුණු දෙයක් බව එළියේ මහා වැඩ කන්දරාවක් සිඳුවන ක්‍රීඩාව මෙහෙයවීමේදී ඇමතිවරු තේරුම් ගැනීම වැදගත්ය.


අත්දැකීම් සහ සබඳතා විරසකවීම් අමතක කර බොක්සිංවලට ගලපා ගන්නට දේශපාලන නායකත්වයට සිදුවනු ඇත.ලංකාවේ ඉතිහාසයේ පටන් බෙදී වෙන් වී සිටින දක්ෂයින් එකතු නොවීම සෑම ක්‍රිඩාවකම පිරිහීමට හේතු වූ බව ප්‍රායෝගිකව පිට්ටනිවල දහදිය වැපිරූ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාට අමුතුවෙන් කිව යුතු නැත.ඉක්මන් විසඳුස සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සහයද ගෙන වඩාත් ප්‍රවීන පිරිස් එක මිටට ගෙන ආ යුතුව ඇත.එහී දී කණිෂ්ඨ සංචිත ස්ථාපිත කිරීමේ වැඩ සටහනක් ඇති කළ සහ එහි ප්‍රතිපල බොක්සිං මතට දැනවෙන මොහොතක හිටපු උප සභාපතිවරයෙකු වූ වසන්ත කුමාර ගේ සහය ද වැදගත් වනු ඇත.කෙට් කාලයකට මේ සංයුතිය එකට හිඳුවා භාර කාර පරිපාලනයක් ඇති කර ලෝක බොක්සිං සම්මේලනය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ සාකච්ඡා කර 2028 ලොස් ඇන්ජලීස් මුහුණ දීම සඳහා පදනමක් සකසා ගැනීම වැදගත්ය.මෙහි සාමාන්‍ය ලෙස මේ ලියුම්කරුට රුචි මෙන්ම අරුචි අය ද සිටිය හැකිය.සමහර විට යෝජිත නම්වලද එවැන්නෝ සිටින්නට ඉඩ ඇත.එහෙත් වඩා වැදගත් බොක්සිං ය.එය බොක්සිංවල සිටින අයට නොතේරුනද මේවා කියන්න බොක්සිං ගහලා තියෙනවද කියා ඇසුව ද,වඩාත් වැදගත් මේ මොහොතේ පරිපාලකයන් ලෙස වැඩ කළ හැකි,නිර්මාණශීලි ගුණයන් ඇති,අනුග්‍රාහකත්වයන් සම්පාදනය කළ හැකි,ලෝක පරිපාලනයේ උපකාර අනුග්‍රාහ ලබා ගත හැකි ව්‍යහුයක් පෞද්ගලික රුචි අරුචිකම් පසෙකලා මේ ව්‍යායාමයට එකතු වීමය.ඒ එකතු කිරීමට අවශ්‍යය පසුබිස සකසමින් වගකීම ගැනීම දේශපාලන නායකත්වය විසින් පවරා ගත යුතුය.


“ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම වරප්‍රසාදයක් මිස අයිතියක් නොවන බව ලෝක බොක්සිං තේරුම් ගෙන ඇති අතර ඔලිම්පික් ව්‍යාපාරයේ වටිනාකම් පිළිපදින සහ ආරක්ෂා කරන විශ්වාසදායක සහ විශ්වාසදායක සහකරුවෙකු වීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු.”
ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම ලෝක බොක්සිං සම්මේලන සභාපති බොරිස් වැන් ඩර් වෝර්ස්ට් ගේ ඉහත අදහස් උපුටා දක්වා තිබිණ.මේ ඓතිහාසික වරප්‍රසාදය ලංකාවට දිනා දීම වෙනුවෙන් එහි හැකියාව ඇති සියලු පිරිස් නොපමාව එක්ව වැඩ කළ යුතුව ඇත.අඩුම තරමේ දැනට මතුව තිබෙන 2028 ලොස් ඇන්ජලීස් බලාපොරොත්තුව වන උදයංග මිහිරාන් වෙනුවෙන්වත් එක්ව කටයුතු කළ යුතුය.සමහර විට ඔහු වෙනුවෙන් රොඳ බැදීම ඊට වඩා විශාල සහ පලදායී නියෝජනයකින් හමාර වන්නට ද හැකියාව ඇත.
මේ සම්බන්ධයෙන් ස්කයි ප්‍රවාත්ති සේවය වාර්තා කරන ලද ප්‍රවෘත්තියක් මෙන්ම විඩියෝවක් ද මෙතනින් නැරඹිය හැකිය.→ https://bit.ly/4iOesHk

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan