IMF කිසිම රටක මැතිවරණ, ආණ්ඩුකරණ ක්‍රියාවලියට කිසිසේත් මැදිහත් වන්නේ නැහැ – IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මෂහිරෝ නොෂාකි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මෂහිරෝ නොෂාකි මහතා පවසන්නේ , විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 333ක මුදලක් දින දෙකක කාලයක් ඇතුළත මුදාහැරීමට තීරණය කර තිබෙන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම (IMF-supported EFF program) අනුමත කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දීම සඳහා ඊයේ (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසූ අතර , මෙම මූල්‍ය පහසුකම හරහා ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බව පෙන්වා දුනි.

ගෙවුම් ශේෂය තුලනය කර ගැනීමට මෙන්ම දැනට පනවා ඇති යම් යම් සීමා කිරීම් හරහා ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව ලැබෙන බව ද පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය නිබඳවම ලැබෙනු ඇතැයි කී ඒ මහතා ඒ සඳහා අවශ්‍ය සම්පත් හිමිවනු ඇතැයි ප්‍රකාශ කළේය .

ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ මුදල් මිලදී ගැනීම සඳහා යොමු වී තිබෙන අතර විශේෂයෙන් අමෙරිකානු ඩොලර් ඒ අතර වන බවද 2023 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් බිලියන 1.4ක විදේශ වත්කම් මිලදී ගැනීමට සමත්ව තිබෙන බව ද කීවේය.

“මම කියන්න කැමැතියි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිම රටක මැතිවරණ, ආණ්ඩුකරණ ක්‍රියාවලියට කිසිසේත් මැදිහත් වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස අවධානය යොමු කිරීමේදී එය ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා ජනතාවගේ කාරණයක්. නමුත් මැතිවරණයට අපේ මැදිහත් වීමක් ඇති බවට යම් යම් කරුණු පැතිර යනවා. මම එය නිවැරදි කිරීමට කැමැතියි. ජාත්‍යන්තර අරමුදල විදියට අපි පළාත් පාලන මැතිවරණය (Local election) කල් දැමීම කිසිම අවස්ථාවක නිර්දේශ කළේ නැහැ.“

ලෙස ඔහු තවදුරටත් පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...