ජාතික පාසල් ගුරු මාරු වහා ක්‍රියාත්මක කරන ලෙසත්, ඊට විරෝධය පල කරමින් ද පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාර!(PHOTOS)

Date:

ජාතික පාසැල් ගුරුමාරු අත් හිටුවීමට ගත් අත්තනෝමතික තීරණයට විරෝධය පලකරමු !
ජාතික පාසැල් ගුරු මාරු වහා ක්‍රියාත්මක කරනු !
යන තේමාවන් ඇතුලු ඉල්ලීම් කිහිපයක් වහා ඉටුකරන ලෙස ආණ්ඩුවට බලකරමින් උද්ඝෝෂණ ව්‍යපාරයක් අද(22) දහවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය මගින් සංවිධානය කොට තිබුනි.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වෙන අතර දේශපාලන මැදිහත් වීම මත මීතොටමුල්ල සහ මෝදර ප්‍රදේශ වලින් ගෙන්වාගත් පිරිසක් දුම්රිය ස්ථානපරිශ්‍රයේම ස්තාන දෙකක ගුරු උද්ඝෝෂණයට විරෝධය පලකරමින් විරෝධතා පුවරු ඔසවාගෙන සිටිනුද දක්නට ලැබුණි.

කෙසේ වෙතත් දෙපිරිස අතර ගැටුමක් ඇති නොවූ අතර ගුරු උද්ඝෝෂණයේ නිරිත වූ පිරිස උද්ඝෝෂණයෙන් අනතුරුව විසිර ගියහ.



සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...

කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර...

Free Lawyers දැවැන්ත නීතීඥ සමුළුවක් පැවැත්වීමට සූදානමින්

විපක්ෂයට සම්බන්ධ නීතීඥවරුන්ගෙන් සමන්විත Free Lawyers සංවිධානය විසින් ජනවාරි...