*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවට චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සමග පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩ ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ එළඹෙන චීන සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Lin Jian මහතා පැවසුවේ, මෑත වසරවල දී දෙරටේ ඉහළ පෙළේ සම්බන්ධතා ශක්තිමත් වී ඇති බවයි. විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ක්‍රමයෙන් පුළුල් වී ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

චීන-ශ්‍රී ලංකා සබඳතාව චීනය ඉතා වැදගත් කොට සලකන බවත් ශ්‍රී ලංකාව සමඟ එක්ව උසස් ගුණාත්මකභාවයෙන් යුතුව “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක කියාසිටියා.

දිනුෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan