සෙන්දිල්ගෙන් ගාසාහි ළමා අර­මු­දලට රු. ලක්ෂ 05ක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW): ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු ගාසාහි ළමා අර­මු­දල (Children of Gaza Fund) සඳහා , ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් වූවන් වෙනු­වෙන් සහන සැල­සී­මට නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර සෙන්දිල් තොණ්ඩ­මන් මහතා රුපි­යල් ලක්ෂ 5ක මුද­ලක් පරි­ත්‍යාග කර ඇත.

මේ වන විට , ගාසාහි ළමා අර­මු­ද­ලට රු. 7,136,412ක මුද­ලක් ලැබී තිබෙන අතර, කාගිල්ස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති රංජිත් පේජ් මහ­තාද පසු­ගිය 28 දා ඊට රුපි­යල් මිලි­යන 3ක මුද­ලක් පරි­ත්‍යාග කළේය.

සියලු අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන එක්ව මෙවර ඉෆ්තාර් සැම­රුම් පැවැ­ත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රති­පා­දන මේ අර­මු­ද­ලට පිරි­න­මන ලෙසද රජය උප­දෙස් දී ඇති බව වාර්තා වෙ.

ජනා­ධි­පති කාර්යා­ලය දැනුම් දී සිටින්නේ, මේ සඳහා ජන­තා­වගේ දාය­ක­ත්ව­යද අපේක්ෂා කරන අතර, රාම­සාන් මාසය තුළ ගාසාහි ළමා අර­මු­දල සඳහා දායක වීමට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලීන් වේ නම්, ඒ පරි­ත්‍යාග අප්‍රේල් 11 දාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රො­බේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත බැර කර ඊට අදාළ ලදු­පත 077-9730396 වෙත Whatsapp මඟින් යොමු කරන ලෙසයි.

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් දරු­වන්ට සහන සැල­සීම වෙනු­වෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝ­ජි­තා­ය­තන මඟින් මේ පරි­ත්‍යාග ලබා­දී­මට අපේ­ක්ෂි­ත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...