සෙන්දිල්ගෙන් ගාසාහි ළමා අර­මු­දලට රු. ලක්ෂ 05ක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW): ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු ගාසාහි ළමා අර­මු­දල (Children of Gaza Fund) සඳහා , ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් වූවන් වෙනු­වෙන් සහන සැල­සී­මට නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර සෙන්දිල් තොණ්ඩ­මන් මහතා රුපි­යල් ලක්ෂ 5ක මුද­ලක් පරි­ත්‍යාග කර ඇත.

මේ වන විට , ගාසාහි ළමා අර­මු­ද­ලට රු. 7,136,412ක මුද­ලක් ලැබී තිබෙන අතර, කාගිල්ස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති රංජිත් පේජ් මහ­තාද පසු­ගිය 28 දා ඊට රුපි­යල් මිලි­යන 3ක මුද­ලක් පරි­ත්‍යාග කළේය.

සියලු අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන එක්ව මෙවර ඉෆ්තාර් සැම­රුම් පැවැ­ත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රති­පා­දන මේ අර­මු­ද­ලට පිරි­න­මන ලෙසද රජය උප­දෙස් දී ඇති බව වාර්තා වෙ.

ජනා­ධි­පති කාර්යා­ලය දැනුම් දී සිටින්නේ, මේ සඳහා ජන­තා­වගේ දාය­ක­ත්ව­යද අපේක්ෂා කරන අතර, රාම­සාන් මාසය තුළ ගාසාහි ළමා අර­මු­දල සඳහා දායක වීමට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලීන් වේ නම්, ඒ පරි­ත්‍යාග අප්‍රේල් 11 දාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රො­බේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත බැර කර ඊට අදාළ ලදු­පත 077-9730396 වෙත Whatsapp මඟින් යොමු කරන ලෙසයි.

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් දරු­වන්ට සහන සැල­සීම වෙනු­වෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝ­ජි­තා­ය­තන මඟින් මේ පරි­ත්‍යාග ලබා­දී­මට අපේ­ක්ෂි­ත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවතින වියළි කාලගුණික තත්වයේ වෙනසක්

ජනවාරි 23 වන දින සිට පවතින වියලි කාලගුණික තත්ත්වයේ...

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...