විදේශ කටයුතු ඇමති සහ කටාර් තානාපති අල්-සරූර් දෙරට අතර බහුවිධ සබඳතා පිළිබඳ සාකච්ඡා

0
265

කටාර් රාජ්‍යයේ තානාපති ජසීම් බින් ජාබෙර් ජේ. බී. අල්- සරූර් මැතිතුමා 2022 මාර්තු 21 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යය පීරිස් මැතිතුමා, මානව හිමිකම් කවුන්සිලයේ දී කටාර් රාජ්‍යය ශ්‍රී ලංකාව වෙත පළ කළ දැඩි සහයෝගය සහ සංවේදී ප්‍රවේශය අගය කළ අතර, සංහිඳියාව සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව විස්තර කළේ ය. ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවත්නා දිගුකාලීන සහයෝගිතාව, ස්ථීර මිත්‍රත්වය සහ බහුවිධ සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද, අමාත්‍යය පීරිස් මැතිතුමා වැඩිදුර අවධානය යොමු කළේ ය. 

දෙරටේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වයක් සහ මිත්‍රත්වයක් ප්‍රවර්ධනය කිරීම උදෙසා කටාර් රාජ්‍යය දැඩි කැපවීමෙන් කටයුතු කරන බව, තානාපති සරූර් මැතිතුමා මෙහි දී තහවුරු කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 22 වැනි දින 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here