මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 15% සිට 18% දක්වා ඉහළට!

0
671

එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙන අතර ඒ අනුව මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමීමට අනුමැතිය ලැබී ඇත.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ අංක MF/FP/32/CM/2021/212 හා 2021 දෙසැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් බදු ප්‍රතිපත්ති යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත සකස් කර තිබේ.

මීට අමතරව ඕනෑම වසංගත තත්ත්වයක් හෝ මහජන හදිසි තත්ත්වයකදී රජයේ රෝහල් හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග පමණක් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරිම සඳහා මෙම සංශෝධනය මගින් ප්‍රතිපාදන සලසා දී තිබෙන බවයි දැක්වෙන්නේ.

තවද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ තුර්කි ජනරජයේ ආණ්ඩුව අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මඟහැරීම වැළැක්වීම සඳහා වූ ගිවිසුම සඳහා ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණි.

කෙසේවෙතත් උක්ත බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයන් ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here